saravita-anim2

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 4070 hours ago

LATEST

පාස්පෝට් හා මුදල් දීමට පෙර 1989 අමතන්න

calendar_today 2023 ජන 10 - 09:21 remove_red_eye - 284  

විදේශ රැකියාවලට යෑම සඳහා නියෝජිත ආයතනවලට මුදල් සහ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා නියෝජිතායතනයේ නීත්‍යනුකුලභාවය තහවුරු කරගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

තමන් දිනකට සිය ආහාර වේල සඳහා බිත්තර 24 ක් එක් කර ගන්නා බව පාකිස්ථාන වේගපන්දු යවන හැරිස් රවුෆ් පවසයි. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සිය ආහාර රටාව පිළිබඳ හෙලිකරමින් ඔහු මේ බව පැවසීය.

Read More

සංචාරක නවසීලන්තය සමගින් පැවති පළමු ඒක්දින තරගයෙන් කඩුළු 6 ක ජයක් හිමිකර ගැනීමට පාකිස්ථානය සමත්විය. මෙම තරගය කරච්චි හිදී පැවැත්විණි.

Read More

වේල්සයෙන් බිහිවූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් සැලකෙන ගැරත් බේල් අන්තර්ජාතික පාපන්දු පිටියට සමුදීමට තීරණය කර ඇත.

Read More

’’විවිධ රාජ්‍ය සංස්ථාවල සේවක ගිවිසුම්වල උපයන විට ගෙවන බදු අදාල ආයතනය මගින් ගෙවිය යුතු බවට සඳහන්ව තිබුණා. හැබැයි දැන් අපිට එවැනි අකාරයේ අකාර්යක්ෂමතා කරන්න බෑ. මේ ගැන පැහැදිලිව නිරවුල්ව සොයා බලා පැහැදිලි චක්‍ර ලේඛයක් ආයතනවලට යැවීමට නියමිතයි. කිසිම ආයතකයක් උපයන විට ගෙවන බදු ගෙවන්න බෑ.’’

Read More

කැසිනෝ ව්‍යාපාරය නියාමන වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබදව අධීක්ෂණය සදහා අනුකමිටුවක් ස්ථාපනය කළ බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේය.

Read More

ශ්‍රී ලංකාව ලෝක බැංකුව (World Bank) හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඇතුළු ජාත්‍යන්තර බැංකු වලින් ලබාගත් ණය වෙනුවට පරිසර සම්පත් හිලව් කිරීමේ පරිසරය සඳහා ණය (Debt for Nature) වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවට වාර්තා වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි.

Read More

(UPDATE) විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

යුක්රේනයේ සිට ශ්‍රී ලංකාව වෙත තිරිඟු ටොන් 49500ක් රැගත් නෞකාවක් යුක්රේන වරායෙන් පිටත්වූ බව ඒකාබද්ධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නව පුහුනුකරු ලෙසින් ස්පාඤ්ඤ ජාතික රොබටෝ මාටිනස් පත්කොට ඇත. මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසු පෘතුගාලය සිය ජාතික පාපන්දු පුහුණුකරු වූ ෆර්නැන්ඩෝ සැන්ටෝස් කණ්ඩායමෙන් ඉවත් කලේය.

Read More

විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් කම්කරු සහ රැකී රක්ෂා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දැඩි අප්‍රසාදය පළකර ඇති ඒ පිළිබඳව ජනපතිවරයා දැනුවත් කිරීමටත් කෝප් කමිටුව තීරණය කර තිබේ. මේ පිළිබවඳ කථානායකට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තුවට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් තීරණය කර තිබේ.

Read More

දකුණු අප්‍රිකානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙයින් ප්‍රිටෝරියස් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර ඇත

Read More

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත උපාධිධාරී ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එම ප්‍රතිඵල පළාත් මට්ටමින් ලබා දුන් පසු 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ආරම්භ වන විට ගුරුවරුන් ලෙස පරිවාස පදනමින් පත්වීම් ලබා දී ගුරු ඩිප්ලෝමාව ලබාගත් පසු ඔවුන් ස්ථිර කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Read More

ඇය ජනපතිධුරය හෙබවූ කාලය තුළ ශ්‍රී ලංකාව පුරා සිදුවූ බෝම්බ පිපිරිම් හා මරාගෙන මැරෙන ප්‍රහාර ලැයිතුව හා මියගිය දහස් ගණනක් සිවිස්ල වැසියන් මෙන්ම සොල්දාදුවන්ගේ සංඛ්‍යාව ඉදිරිපත් කිරිම පහසු කටයුත්තක නොවන බවද ඔහු පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.9කට සීමා කරන ප්‍රකාශ සිදු කරනු ලබන්නේ IMF හි ක්‍රියාකාරිත්වය ගැන නොදන්නා කණ්ඩායම් විසින් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍ය වරයා මෙසේ ප්‍රකාශ කර සිටියේ ඊයේ (08දා) අනුරාධපුර ප්‍ර‌දේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

Read More

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ජේෂ්ඨ නිලධාරීන් රජයේ මුදල් පිළිබද කාරක සභාවට සහභාගී නොවීම සහ ඒ පිළිබදව විධිමත්ව කාරක සභාව දැනුවත් නොකිරීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (05) රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අප්‍රසාදය පළ විය.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට තනතුරු හා වරප්‍රසාද ලබාදෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍යය හෙළි වීම වැළැක්වීමේ අරමුණින් ද යන්න සැකයක් පවතින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පවසති.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගැබිණි මාතාවන් 2589ක් නිරාහාරව සිටින බවට උතුරු මැද පළාත් සෞඛ්‍ය අංශ සිදු කළ හෙළිදරව්වක් මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කර මිහින්තලය ග්‍රාම සේවා තුලාන 25ක වෙසෙන ගැබිණි මාතාවන්, කිරි දෙන මව්වරුන් විශාල පිරිසකට මාස 3කට සෑහෙන පෝෂදායි ආහාර මල්ලක් සහ පෝෂදායි දිවා ආහාරයක් ලබා දීමේ වැඩ සටහනක් පෙරේදා ( 8දා) මිහින්තලේ රජ මහ විහාරාධිපති පුජ වලවා හැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් ගේ මූලිකත්වයෙන්

Read More

මීගහතැන්න පොලිස් ස්ථානයේ පාලන අංශ ස්ථානාධිපතිවරයාව ඒටිඑම් මැෂින් වලින් මුදල් සොරාගැනීමක් සම්බන්ධයෙන් කල පරීක්ෂණ වලදී අත්අඩංගුවට ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි .

Read More

සියලුම අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධවන කඩවත නගරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබේ.

Read More

වෙළඳ සැල් 15 ක් කඩා රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කර සියලු දේ ඇති එක වහලක් යටින් කඩයක් දාන්න සිටී රජවත්තේ කොන්ඩයා නමැති අන්වර්ත නාමයෙන් හදුන්වන පුද්ගලයෙකු සහ ඔහුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.

Read More

ලංකාවේ වන ආවරණය 16%ක් දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

ජාතික ජන බලවේගය හදන ආණ්ඩුවක උපරිම කැබිනට්ටුවේ සාමාජිකයන් ගණන අනිවාර්යයෙන් 25 කට සීමා කරන බවත්,මෙතුවක් කල් පාලකයන් පොල්කටු හැන්දෙන් බෙදාගෙන ජනතාවට කන් හැන්දෙන් බෙදන න්‍යාය වෙනස් කරන බව කළුතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (08දා) මතුගම දී පැවසීය.

Read More

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (9දා ) සිදු කළේය.

Read More

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන ඒක්දින තරගාවලියෙන් ඉන්දිය සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ඉවත් කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

Read More

විදුලි ගාස්තු නැවතත් ඉහළ දැමීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව හැට නව ලක්‍ෂයක අත්සන් ලබාගත් මහජන පෙත්සම අද (9දා) පෙරවරුවේ මහජන උපයෝගිතා කොමිසම වෙත බාරදුන්නේය.

Read More

මෙවර මහ කන්නයේ දී වී වගා කරන ගොවි ජනතාව සඳහා චීන රජය විසින් ලබා දෙන ලද ඩීසල් ලීටර් මිලියන 6.8ක් ලබන සඳුදා සිට ගොවීන් හත් ලක්ෂ දෙදහසකට හෙක්ටෙයාර් තුන්ලක්ෂ හැත්තෑදහසක් සඳහා නොමිලයේ ලබා දෙන බව කාෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

අරලිය ගහ මන්දිරය, ජනාධිපති මන්දිරය , ඇක්ලන්ඩ් හවුස් (විසුම්පාය) රට බබලවන තොරතුරු තාක්ෂණය ඉංග්‍රීසි භාෂාව තුළින් නිදහස් නිවහල් අධ්‍යාපන සංකල්පය තුළ නොමිලයේ දූ දරුවන්ට ලබා දෙන වැදගත් ජාත්‍යන්තර තලයේ අධ්‍යාපන ආයතන තුනක් බවට පත්කරනවා

Read More

කඳුකර කොටියන් රාත්‍රි කාලයට නිවෙස්වලට පැමිණීම හේතුවෙන් තමන් මහත් බියට පත්ව ඇතැයි තලවකැ‌ලේ, ආගරපතන නව කොළණිය ගම්මානයේ පදිංචිකරුවෝ පවසති.

Read More

කතරගම - බුත්තල මාර්ගයේ ගමන් ගන්නා වාහන වලට වන අලින්ගෙන් සිදුවන හානි වැලැක්වීමට සහ එම වන අලි පලවා හැරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ජංගම රථ යෙදවූ බව අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.