බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලිකේෂන් පාර ජුබිලි බුලස් හංදිය අසළදී කොළඹ සිට කතරගම දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරි රථයක ගැටී පෙරළී අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගින් 15 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයන් 05 තුවාල ලබා ප්රථිකාර කිරීමට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.
බස් රථය විදුලි පහන් සංඥා නොතකා ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැක කරයි.