මේ මාසයේ අමු තේ දළු කිලෝවට වැඩිම මිල පෝ තොටුවෙන්
දිවයිනේ තේ වගා කරන දිස්ත්රික්ක 11 තුළ මෙ වන විට තේ කම්මල් 541 ක්රියාත්මක වන අතර මේ අතුරින් මෙම මස වැඩිම තේ මිලක් ගෙවා ඇත්තේ දකුණු පළාතේ මාතර දිස්ත්රික්කයේ දෙනියාය පෝ තොටුව තේ කමලයි.
එම තේ කම්හල අමු තේ දළු කිලෝ එකක් සදහා රුපියල් 211 ක් මිලක් ගෙවා ඇත. දෙවන ස්ථානයට කෑගල්ල කොලොන්න තේ කම්මල අමු තේ දළු කිලෝ එකක් සඳහා රුපියල් 210.81ගෙවා ඇති අතර 3වන ස්ථාන කළුතර දිස්ත්රික්කය ගලතර තේ කම්හල රුපියල් 202.19 මිලක් ගෙවා ඇත.
මෙම මිල ගණන් පසුගිය මාසයට සාපේක්ෂව අමු තේ දළු කිලෝ එකක මිල රුපියල් දහයක් විස්සක් අතර වැඩි වීමක් සිදු වී ඇති බව ශ්රී ලංකා තේ මණ්ඩලය පවසයි.
හඳුගල ගුණරත්න
popular news
-
සුනිල් බාලසූරිය Sunday, 13 August 2023 09:06 AM
කෑගල්ල තියෙන්නෙ සබරගමුවේ තමයි ඒක පළාතේ එක් කෙළවරක් මහනුවර දිස්ත්රික්කයේ මායිමේ තමයි .අනෙක් කෙළවරේ මාතර දිස්ත්රික් මායිමේ කොලොන්න තියෙන්නෙ ඉතින් කෑගල්ලෙ කොලොන්න කියන්නෙ කොහොමද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

