තලවකැලේ හින්දු කෝවිල අසළ ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් තුළ බිළිදියක් අතහැර දමාගොස් තිබියදී ඊයේ (08දා) අලුයම 5.45 ට පමණ සොයාගෙන එම බිළිදිය ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත භාර දුන් බව තලවකැලේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා මහතා පැවසිය.
ශ්‍රි ලාංකිකයින් රැකියා සඳහා යොමුකිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රැකියා නියෝජිතායතන වෙත ලබාදෙන බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය විදේශ රැකියා ඒජන්සි ආයතනයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් පසුගියදා වැටලීම් කරන ලදී.
Read Moreබිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව්සතුන් හිඟය අවම කරලීමට අභිජනනය කරන ලද බිත්තර Hatching Eggs ලක්ෂ දෙකක් ආනයනය කිරීමේ තීරණයක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ගෙන තිබේ.
Read Moreයාපනය ගුරුනගර් ප්‍රදේශයේ ධීවරයෙකු මසුන් ඇල්ලීමට යාමේදී ජෙලිෆිස් ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (07දා) දින මියගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.
Read Moreමැතිවරණයකට අවශ්‍ය මුදල් ලබා දීම ලබාදීම රජයේ වගකීමක් වනවා සේම රාජ්‍යයක් පවතිනවා නම් එම රාජ්‍යයේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම රජය සතු වගකීමක් වනවා. ඡන්දය සඳහා මේ මේ වනවිට ඇස්තමේන්තු කොට ඇති මුදල රුපියල් බිලියන දහයක් වෙනවා. බොහෝ විට ඊට පහළ මුදලකින් අපිට මේ කර්තව්‍ය හමාර කිරීමට හැකිවෙයි කියා විශ්වාස කරනවා.
Read Moreනොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ක්‍රියා විරහිත කර තිබූ ජනන යන්ත්‍රයක් ඊයේ රාත්‍රියේ සිට යළි පන ගන්වනු ලැබීය. ඒ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය වෙත අවශ්‍ය ගල් අගුරු තොග ලැබීමත් සමගිනි.
Read Moreපොල්පිතිගම සමූපකාර නිලවරණයේ ජය ජනතා විමුක්ති පෙරමුණ හිමි කරගෙන තිබේ.ඒ මහා සභා නියෝජිතයින් 130ක ගෙන් 94ක් ජයග්‍රහනය කරවමිනි.
Read More“2023 වසරේ ශ්‍රී ලංකාවේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය අද (8) දින ආරම්භ කිරීමට හැකි වුනා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතියටත්, උතුරු දුම්රිය මාර්ගය භාවිතා කරන්නන්ටත් අද සුවිශේෂී දිනයක් ලෙස හඳුන්වන්න පුලුවන්. ශ්‍රී ලංකාව ආර්ථික ගැටලුවකට මුහුණ දී තිබෙන මෙවන් අවස්ථාවක අලුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි වූවත්, ඉන්දීය රජයේ අනුග්‍රහය මත මෙම මහ පරිමාණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හැකිවීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සැම සතුටු විය යුතු යැයි.”
Read Moreමේක කල් යනවා. (ඡන්දේ) මේ බොරු කරන්නේ. මේක අනිවාර්යයෙන්ම කල් යනවා. කල් දාලා මේ අය ඡන්දේ තියන්නේ නෑ. මේ අය කවදා හරි මහ ඡන්දයක් හරි එක්කෝ ජනාධිපති මැතිවරණයක් හරි තියයි. මේක නිකන් මිනිස්සුන්ව රවට්ටන්න කරන එකක්. දැන් මැතිවරණ කොමිෂමත් කඩලා.
Read Moreබම්බලපිටිය කින්රොස් පෙදෙස ව්‍යාපාරිකයකුගේ දෙමහල් නිවසට ඇතුළු වී දේපල සොරා ගත් මාලිගාවත්තේ ’’බෝම්බ රිශාක්’’ සහ එම දේපල සහ තවත් සොර බඩු මිලදී ගත් ’’උක්කුවා’’ නැමැත්තා රුපියල් ලක්ෂ පනහකට ආසන්න දේපල සමග අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කීය.
Read Moreනැගෙනහිර චීනයේ සිදුවූ රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
Read Moreමැතිවරණයක් පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පළමුවෙන් පොදු එකගතාවයකට පැමිණිය යුතු බවත් මේ බැරෑරුම් අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ අතර මෙන්ම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර ද බෙදීමක් නිර්මාණය වී තිබෙන බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් නංවාලීම වෙනුවෙන් ඉන්දීය සහාය යටතේ නව බස් රථ 500ක් ලබාදීමට නියමිතව තිබේ. මේ අතරින් පළමු තොගය ලෙස බස් ර 75ක් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා විසින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත භාර දුන්නේය. මෙම බස් රථ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හරහා සේවයට යෙදවීමට නියමිතය.
Read Moreරට තුළ ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අකෘතිය හා සමානව පොතුහැර වදාකඩ ඉදිකර ඇති ගොඩනැගිල්ලට අයත් පත්තිරිප්පුව සහිත කොටස සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කිරීමට එම ස්ථානයේ හිමිකරු වන ජානක චන්ද්‍ර සේනාධිපති මහතා පියවර ගෙන ඇත.
Read Moreගෙවීගිය සතිය තුළ ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තා වීමේ සාමාන්‍ය ආසාදිතයන් 5ක් බව බව සෞඛ්‍ය ප්‍රතිපත්ති සඳහා වන ආයතනය පවසයි. ගෙවී ගිය සතියේ කොවිඩ් මරණ සාමාන්‍ය 0ක් බවත් පරීක්ෂණ සංඛ්‍යාවේ අඩුකම හේතුවෙන් රෝගීන් හා මරණ සංඛ්‍යාව අඩුවෙන් පිළිබිඹු වීමට හේතුවක් විය හැකි බවද එම ආයතනය පවසයි.
Read Moreචීන රජය විසින් මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක් හෙට (09) සිට අස්වනු නෙලීම සඳහා ගොවි ජනතාවට නොමිලයේ බෙදා හැරේ.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය මහතාගේ නිවසට ගමන් ගන්නා ජොස්වෙල් හන්දිය රාජකාරි යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු පොලිස් සැරයන්වරයකු ට ටි 56 ගිනි අවියකින් වෙඩි තැබීමට කළ උත්සාහයක් පොලිස් පරීක්ෂකවරයෙකුගේ ක්ෂණික මැදිහත්වීම මත නූලෙන් වැළකී ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි.
Read Moreමරණ සහතිකය රිලව් රැුගෙන ගොස් ඇති අතර දවස පුරා සෙව්වත් එය සොයා ගැනීමට නොහැකි වු තැන නැවත වතාවක් මරණ සහතිකයේ පිටපතක් ලබා ගැනීමට සිදු වු පුවතක් සම්බන්ධයෙන් අරණායක ප‍්‍රදේශයෙන් වාර්තා විය.
Read Moreකදුරට ජනතා පෙරමුණ , කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමය පළාත් පාලන මැතිවරණයේදි සමගි ජනබලවේගය සමග එක්ව සන්ධානගත වි තරග කිරිමට තිරණය කර ඇති බව කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික සංගමයේ සභාපති පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.
Read Moreපළාත් පාලන මැතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ අපෙක්ෂකයන් තරග කරන සෑම පළාත් පාලන ආයතනයකම ලංකා කම්කරු කොංග්‍රසයේ ලාංජනය වන කුකුලා ලංජනයෙන් තරග කිරිමට එකගතාවයකට පැමිණ ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසිය.
Read Moreඑරාවුර් පොලිස් වසමේ සවුකඩේ මුහුදු තීරයෙ දිය නෑමට ගිය පිරිසක් අතරින් දෙදෙනෙක් දියේ ගිලෙමින් සිටියදි ඔවුන් ඥාතීන් විසින් බේරාගෙන එරාවුර් රෝහලට ඇතුළත් කිරීමේදි එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකාව ලකුනු 91 කින් පරාජයට පත් කරමින් තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 91 ක දැවැන්ත ලකුණු පරතරයකින් ජය ගැනිමට ඉන්දියාව සමත්විය. මෙම තරගය රාජ්කොට් හිදී පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකාව සමගින් පැවත්වෙන තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුළු 5 ක් දැවී ලකුණු 228 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කලේය.
Read Moreශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේදී ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යදාව් සිය තෙවැනි විස්සයි විස්ස ශතකය වාර්තා කලේය.
Read Moreමෙම තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ජයග්‍රාහකයන් බවට පත්වෙනු ඇත. ශ්‍රි ලංකා කණ්ඩායම එක් වෙනසක් සමගින් තරගයට පිවිසෙයි.
Read Moreගිනි අවි සම්බන්ධ ප්‍රචණ්ඩක්‍රියාවලට නමගිය රටක් ලෙස ඇමෙරිකාව ඉදිරියෙන්ම සිටින අතර, විශේෂයෙන්ම පාසල් දරුවන් තම පාසලේම සෙසු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ ගුරුවරුන්ට වෙඩි තැබීම එරට සුලභ කාරණයක් වී තිබේ.
Read Moreඔහු පිතිකරණයේ යෙදෙන ආකාරය ගත්විට ඔහු මිලදි ගැනීමට මට මුදල් මදි වෙන්න ඉඩ තිබුණා. ඔහු ඒ තරම් මිල අධික වෙන්න තිබුණා. හිතන්න මෙම තරගාවලිය වෙන්දේසියට කලින් තිබුණා නම් ඇතැම් කණ්ඩායම්වලට ඔහු මිලදි ගැනීමට මුදල් නොමැති වෙන්න ඉඩ තිබුණා’’
Read More2022 උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ජනවාරි 13 වැනි දින යුක්රේනය සම්බන්ධයෙන් රැස්වීමක් පවත්වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreබිත්තර ආනයනය කිරීම සඳහා මූලික කටයුතු ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව බිත්තර ආනයනය වෙනුවෙන් අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම ලබන සතියේදී ආරම්භ කිරිමට නියමිතය.
Read More