ලංකාවේ සංචාරයක් සදහා පැමිණි කැනේඩියානු ජාතික බාල වයස්කාර පිරිමි හා ගැහණු දරුවන් දෙදෙනෙකු අපහරණය කරනු ලැබූවේ යයි කියන සංචාරක මග පෙන්වන්නකු අද (12) කොස්ගොඩදී අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
සැකකරු මෙසේ අපහරනය කලේ යයි කියන කැනේඩියානු ජාතික පිරිමි දරුවා දහසය හැවිරිදි බවත් ගැහැණු දරුවා දහතුන් හැවිරිදි බවත් පොලීසිය කියයි.
සිය පියා සමග ලංකාවේ සංචාරයක් සදහා පැමිණි දරුවන් දෙදෙනා හික්කඩුව ප්‍රදේශයේ සංචාරක නිවාඩු නිකේතනයක ලැගුම් ගෙන ඇති බවත් සැකකරු සමග ඊයේ (11) රාත්‍රියේ හික්කඩුව සංචාරක පුරවරය දක්වා වෑන් රථයකින් ගමන් ගනිමින් සිටියදී දරුවන් දෙදෙනා සමග එම රථයේ යමින් සිටියදී සැකකාර සංචාරක මග පෙන්වන්නා දරුවන් දෙදෙනාගේ සිරුරු අනවශ්‍ය පරිදි අතපත ගාමින් අපහරණයකට ලක්කලේ යයි කියමින් විදෙස් ජාතික දරුවන් දෙදෙනාගේ පියා කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
සැකකරු මග පෙන්වන්නා පනස් හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේම පදිංචි අයෙක් බවද පොලීසිය කියයි.