ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කෘෂි නවීකරණ ප්‍රතිපත්තිය අනුව කෘෂිකර්ම අමාත්‍යංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ බණ්ඩාරවෙළ කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේ ඉඳිකළ අර්තාපල් තීරුසැකසීමේ කර්මාන්තශාලාවක් ඉකුත් (11) වෙනිදා කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා විසින් විවෘතකරන ලදි.
කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල,කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන සහ කහත්තේවෙල ගොවිජන සංවිධානය එක්ව රුපියල් මිලියන 50 වැයකොට ඉඳිකරන ලද මෙම කර්මාන්තශාලාවට
ප්‍රදේශයේ ගොවීන්ගෙන් මිලටගන්නා අර්තාපල් ගුණාත්මක භාවයෙන් සකසා තීරුකර පැකට් දේශීය වෙළෙඳපොළට බෙදාහැරීම සිදුකෙරේ.
ප්‍රදේශයේ ගොවීන්ට තම අස්වැන්නට ඉහළ මිලක් ලබාගැනීමට මෙමඟින් අවස්ථාව හිමිවේ. කර්මාන්තශාලාව විවෘතකිරීමේ අවස්ථාවට ශ්‍රී සංඝරාජ පිරිවෙනේ පරිවෙනාධිපති කහත්තේවෙල රතනසිරි ස්වාමීන්වහන්සේ සහ ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල්,පා.ම සුදර්ශන දෙනිපිටිය,කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරු සහභාගී වූහ.
මොණරාගල සුමනසිරි ගුණතිලක
