saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3978 hours ago

LATEST

ගවයෙකු නිසා මිනිසෙකුට දිවි අහිමිවෙයි

calendar_today 2023 මාර් 27 - 17:28 remove_red_eye - 521  

අනුරාධපුර උලුක්කුලම දෙස සිට ඇලයාපත්තුව දෙසට ගමන් කල යතුරු පැදියක්, අයාලේ යන ගවයෙකුගේ ගැටී පෙරේදා (26 දා) රාත්‍රි සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.

කුමන මැතිවරණයක් පැමිණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එයට සූදානම් බවත් දෙසැම්බර් මාසයට පෙරාතුව මැතිවරණයක් පවත්වයි කියා බලාපොරොත්තු වන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය‍.

Read More

දිවයින පුරා පිහිටි ආපනශාලාවලින් අලෙවිකරන කිරි තේ කෝප්පයක මිල රුපියල් 90ක් දක්වා අඩුකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා පවසයි.

Read More

මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩ පිළිවෙළ සඳහා රජය රුපියල් බිලියන 20ක් දක්වා මුදලක් වැය කිරීමට සූදානම් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ආනයනික කිරිපිටි මිල අඩුවුවත් දේශීය කිරිපිටි මිලෙහි වෙනසක් සිදු නොකිරීමට දේශීය කිරිපිටි නිශ්පාදන සමාගම් තීරණය කර තිබේ.

Read More

කූඨ ලෙස සකස් කළ ව්‍යාජ වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඕස්ට්‍රේලියාව වෙත පළා යෑමට තැත් කළ බංගලාදේශ ජාතිකයන් දෙදෙනෙකු 03/27 උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොවුන් අතරින් එක් බංගලාදේශ ජාතිකයෙකු 50 හැවිරිදි වියේ පසුවන අතර අනෙකා 24 හැවිරිදි තරුණයෙකි.

Read More

ආසියානු වෙළඳාමේ බොරතෙල් මිල සඳුදා දිනය වන විට ස්ථාවර වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.99 ක අගයක සටහන් විය. එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් අතරමැදි බොරතෙල් බැරලයක් ඩොලර් 69.29 ක් වූ අතර එය ඩොලර් ශත 3 ක ඉහළ යාමකි.

Read More

වෙනම දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන වෘත්තිය සමිති කණ්ඩායමක් අද ගුරුවරුන් පාලනය කරනු ලබන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ගෙවීමට නියම වූ රු. කෝටි 10ක වන්දි මුදල ගෙවීම වෙනුවෙන් තවත් ඉතිරිව ඇත්තේ මාස 3ක කාලයක් පමණක් බවත් මේ වන විට තම හිතවතුන්ගෙන් මුදල් එකතුකරමින් සිටින බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිව ඉදිරිපත් කළ අභියාචනය අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

Read More

සති කිහිපයක සිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල විශාල වශයෙන් පහත වැටී ඇතත් එහි වාසිය මේ වන තුරුත් පාරිභෝගික ජනතාවට ලැබී නැති බව ජනතාව පවසති.

Read More

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (27)නියෝග කළේය.

Read More

රජයේ 25 වසරක නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ තුළින් දියුණු ශ්‍රී ලංකාවක්ර රට ගොඩනැගීමට ඩයස්පෝරාවේ මෙන්ම සමස්ත තරුණ ප්‍රජාවට ආරාධනා ශ්‍රී ලංකාවේ අපේක්ෂාව දේශපාලන ස්වාධීනත්වය පවත්වා ගෙන යමින් ලෝකයේ විශාලතම වෙළෙඳ කණ්ඩායම් සමග ඉදිරියට යාමයි

Read More

ලෝකයේ නවතම මගී ගුවන් යානයක් පළමු වතාවට අද (27දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 787 - 10 වර්ගයේ මෙම ගුවන් යානය සිංගප්පූරු ගුවන් සේවයට මෙන්ම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පළමු අවස්ථාව මෙය බව සිංගප්පූරු ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත කුඩාලියනගේ මහතා පැවසීය .

Read More

රටේ වාර්ෂිකව එළවලුවලින් සියයට 19ක් හා පලතුරුවලින් සියයට 21ක් නිසි ප්‍රවාහන කටයුතු අනුගමනය නොකිරීම නිසා පාරිභෝජනයට ගත නොහැකිව විනාශ වන බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් බුද්ධශාසන අරමුදලේ සාමාජිකයෝ 2023.03.24 දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස්වුහ.

Read More

දම්බරාව ප්‍රදේශයේ මළගෙදරක දී විශ්‍රාමික යුදහමුදා නිළධාරියකු සහ ඔහුගේ පුතාව දැලිපිහියකින් කපා දමා බරපතළ තුවාල සිදු කලැයි සැකපිට පුද්ගලයකු පෙරේදා (26) අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලිසිය පවසයි .

Read More

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (27දා) නිකුත් කළ කාළගුණ අනාවැකියට අනුව අද (27දා) බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර , මහනුවර හා නුවරඒළිය දිස්ත්‍රික්කවලත්, සවස් කාළයේදී හෝ රාත්‍රී කාළයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Read More

දෝහා කටාර් හීදි සත් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයකු ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. එලෙස මියගොස් තිබුණේ අංක 270 දඩුගම ජා-ඇල පදිංචි නිශ්ශංක රහිත සිල්වා (55) නැමති පරිගණක ඉංජිනේරු වරයෙකි. මෙම අනතුර සිදුවී තිබුනේ ඉකුත් 22 දින රාත්‍රීයේය.

Read More

සංචාරක බ.ඉ.කොදෙව් කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන් හිදී පැවති දෙවැනි ඒක්දින තරගයෙන් කඩුළු 6 ක විශිෂ්ඨ ජයක් ලැබීමට දකුනු අප්‍රිකාව සමත්වීමත් සමගින් ක්‍රිකට් පොත් අළුත් කිරීමට මෙම කණ්ඩායම් ද්විත්වය සමත්විය.

Read More

අවුරුදු කාල සීමාව තුළ නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන මහා මාර්ග දෙපස සිට අලෙවි කිරීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලැබුණ පළමු ණය වාරිකයෙන් කොටසක් මාර්තු හා අප්‍රෙල් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම‍ වෙනුවෙන් යොදා ගන්නා බව මහා භාණ්ඩාගාරය දන්වා ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

මාර්තු මාසයේ මුල් දින 20 තුළ මෙරටට විදෙස් සංචාරකයින් 76,247ක් පැමිණ තිබේ. ඒ අනුව මෙම වසරේ මේ දක්වා පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 286,431ක් දක්වා වර්ධනය වෙයි.

Read More

ඉන්දියාවේ, පාන්ඩිවේරි කාරියක්කාල් වරායේ සිට කන්කසන්තුරේ වරාය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මගී යාත්‍ රා(ෆෙරි) සේවය අප්‍රේල් 29 වැනි දින සිට ආරම්භ කිරීමට නියමිත බව නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Read More

මගේ මව දැන් නිල නිවස පාවිච්චි කරන්නේ නෑ. මම කියලා නෙමෙයි එතුමියම එතුමියම හිතලා දැන් ඒක භාර දෙන්න යනවා. එතුමිය කවදාවත් නිල නිවසක ඉදලා නෑ.

Read More

2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට (27දා) ආරම්භවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

කංචන ඇමතිතුමා සඳහන් කරන්නේ මිල සූත්‍රය අනුව ඉන්ධන මිල අඩුවීමේදී බස් ගාස්තු සංශෝධනය කළ හැකි මිල අඩුවීමක් වෙයි කියලා. ඒ වගේම තමයි ලෝක වෙළඳපොළ තුළ මිල වැඩිවීමක් වුණොත් මිල වැඩිවෙනවා.

Read More

ඇමෙරිකාවේ මිසිසිපි, ඇලබාමා සහ ටෙක්සාස් ප්‍රාන්ත හරහා හමාගිය ප්‍රබල ටෝර්නේඩේ සුළි කුණාටුවක් හේතුවෙන් නගර රැසක් සුන්බුන් ගොඩක් බවට පත්කර තිබේ.

Read More

අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය USAID විසින් මෙරටට පරිත්‍යාග කරන ලද TSP හෙවත් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000න් මේ වනවිට දින 04ක් තුළ මෙට්‍රික් ටොන් 27,000ක් දිවයිනේ සියලුම ගොවිජන මධ්‍යස්ථාන වෙත බෙදා හැර අවසන් කර තිබේ.

Read More

උතුරු මුහුදු සීමාව ඉන්දීය ධීවරයින්ට දින 03 ක් බදු වශයෙන් රජය ලබාදීමේ සූදානමක් පවතින බැවින් වහාම එය හකුලා ගන්නා ලෙසටත් ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණීම නවත්වන ලෙසටත් රජයට බලකරමින් මන්නාරමේ ධීවරයින්, වෙළඳ සංගම් සහ ආගමික නායකයින් එක්ව ඊයේ (25දා) දැවන්ත විරෝධතා පෙලපාලියක් සංවිධානය කොට තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.