ඉන්ධන සැපයුමේ හිඟය පිළිබඳව කලබල නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
කැබ් රථයකට යට කිරීමෙන් පුද්ගලයෙකු ඝාතනය කළ හා තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකළ කැ බ් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreඉන්දීය රජයේ ආධාර මත ජුලි මස වන විට සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සුර්යය බලයෙන් විදුලිය ලබා දීමට අදාලව මූලික අදියරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත්, එතෙක් විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකිව බරපතළ ලෙස ප්‍රශ්න පවති නම් තමා වෙත දන්වන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසීය.
Read Moreනාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන ආදායම් කළමණාකරණය කර ගනිමින් පුද්ගලික අංශය සමඟ එක්ව එක් දිස්ත්‍රික්කයකට එක් නගරයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මෙම වසරේදී ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමිළ ගණන් විශාල ලෙස පහත බැස තිබූ උඩරට එළවළු වර්ගවල මිළ ගණන් ක්‍රමයෙන් ඉහළයාමක් ඊයේ (28) සිට පවතින බව සමස්ථ ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
Read Moreඉන්ධන බෙදාහැරීමට බාධා පමුණුවන, අනෙකුත් සේවකයන්ගේ රාජකාරිවලට හෝ අත්‍යවශ්‍ය කටයුතුවලට බාධා කරන වෘත්තීය සමිති ක්‍රියාකාරීන් හෝ සේවකයන් සම්බන්ධයෙන් ඕනෑම විනය පියවරක් ගන්නා ලෙසට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඛනිජ තෙල් සංස්ථා සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සභාපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.
Read Moreලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු කොටස් විකිණීම නවතා දමන ලෙස ඉල්ලා අද (28දා) සවස සිට තෙල් සංස්ථා සේවකයන් සේවයෙන් ඉවත් වූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමය අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වන කථානයකවරයා ලෙස කටයුතු කළ ජෝශප් මයිකල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreරට තුළ නිර්මාණය වී ඇති ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම දුර්වල සහ ඉතා අකාර්යක්ෂම සෞඛ්‍ය පරිපාලනය හේතුවක් බව සඳහන් කරමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මානව හිමිකම් කොමිසම් සභාව හමුවේ ගොනු කොට ඇති පෙත්සම විභාගය සඳහා අද (28) පෙරවරුවේ රැස්ව තිබෙන අතර එහිදී රට තුල හදිසි සෞඛ්‍ය තත්ත්වයක් පවතින බව සෞඛ්‍ය ලේකම්වරයා විසින් පිලිගෙන තිබේ.
Read More2023.03.31 දින සිට පුරප්පාඩු වන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) තනතුරට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම මහතා පත් කිරීමට ජනාධිපතිතුමා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කර තිබේ.
Read Moreහම්බන්තොට ඉදිකිරීමට යෝජිත නව තෙල් පිරිපහදුව සඳහා සමාගම් හතක් සිය අභිලාෂ ප්‍රකාශ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඑළවළු, පොල්, තේ හා කුරුඳු ඇතුළු අනෙකුත් බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල ගණන් සියයට 50කින් පහළ ගොස් ඇති බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අද(28) දැනුම් දුන්නේය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රධාන පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් වන සීගිරිය තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreරාජ්‍ය විශ්ව විද්‍යාලයන් සඳහා ඇතුලත් වීමේ කඩඉම් ලකුණු ප්‍රමාණවත් නොවන සිසුන් සඳහා රාජ්‍ය නොවන උපාධි ප්‍රධානය කරනු ලබන පිලිගත් ආයතවලින් උපාධි පාඨමාලා හැදැරීම සඳහා පොලී රහිත ණය පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreරිය අනතුරක් සිදුකොට ප්‍රභූ ආරක්ෂක අංශයේ සැරයන්වරයකු මරණයට පත්කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණය මඟහරිමින් හා එම නඩුවිභාගයේ සාක්ෂිකරුවන් වෙත බලපෑම් කිරීම යන චෝදනා මත අත්අඩංගුවටගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා මැයි 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහධිකරණ විනිසුරු එම්. මොහොමඩ් නිහාල් මහතා නියෝග කළේය.
Read Moreඝාතනයට ලක් වූ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරියක ලෙස කටයුතු කළ නෙටොල්පිටිය වැලිආරේ දීපශිඛා ලක්රුවනි මහත්මියගේ නිවෙසට ඊයේ (27) පස්වරුවේ ම ගිය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම නිලධාරිනියගේ පවුළේ මව්පියන් ඇතුළු ඥාතීන්ට රජය වෙනුවෙන් හා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් කණගාටුව පළ කළේය.
Read Moreප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.
Read Moreඊයේ (27දා) දහවල් කාළයේදී හම්බන්තොට පොලිස් වසමේ පැරණි බූන්දල මාර්ගයේ ගෙලෙහි කැපුම් තුවාල සහිතව පිරිමි පුද්ගලයෙකු මියගොස් සිටින බවට හමබන්තොට පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ෂණයක් ආරම්භ කරන ලද බව පොලිසිය නිවේදනය කරයි.
Read Moreමැදවච්චිය දුම්රිය ස්ථානයේ නවතා තිබෙන BGT-5376 දරණ ඉන්ධන ටැංකියේ මුද්‍රා කඩා රුපියල් 611550/= ක් වටිනා ඩීසල් ලීටර් 1510 ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අප සංගමයට දැන ගැනීමට ලැබී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සමකැඳවුම්කරු එස්.පී.විතානගේ මහතා පවසයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ ඇත
Read Moreආසියාවේ තරුණ නායකයන්ගේ සමුළුව ඉකුත් 25 වැනිදා චීනයේ ගොවන්ජුහිදී ආරම්භ විය. නංෂා දිස්ත්‍රික්කයේ පැවැති මෙම සමුළුව සඳහා ආසියානු කලාපය නියෝජනය කරමින් තරුණ නායකයෝ රැසක් සහභාගි වූහ.
Read Moreරාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙන්ම අනෙකුත් අමාත්‍යංශ යටතේ ඇති එක් එක් ආයතනවල වාර්ෂික වාර්තා අප්‍රමාදව පාර්ලිමේන්තුවට ලබාදීම, එම ආයතන ප්‍රධානීන්ගේ සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීමක් බවත්, එමනිසා එම වාර්තා ඉක්මනින් පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
Read Moreඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වන ජිලේ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට නිවාඩු නිකේතනයක කළමනාකරුවෙකු වශයෙන් පෙනී සිට සිට මෙහෙයවන ප්‍රධාන පුද්ගලයා රුපියල් ලක්ෂ 10, කට අධික වටිනා මත්ද්‍රව්‍ය සහ මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreවත්මන් රුසියාව පැරණි සෝවියට දේශයේ සිදුකළ වරද නැවත නොකරන බවත් රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් පවසයි.
Read Moreමේ වන විට තරමක් මතභේදයට තුඩු දී ඇති කච්චතිව් දූපතේ තාවකාලිකව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තැන්පත් කර ඇති කුඩා බුදු පිළිමය සම්බන්ධයෙන් නාවික හමුදාව පැහැදිලි කිරීමක් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.ඒල්.) ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන දිනයන් එළි දක්වා ඇත.
Read Moreඑළඹෙන පාර්ලිමේන්තු සතියට අදාළව ලබන අප්‍රේල් 4 වැනි අගහරුවාදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreවයස අවුරුදු 13ක පාසල් සිසුවෙකුට ලිංගික අතවරයක් සිදු කිරීමට ගිය බව කියන පනස් පස් හැවිරිදි තිදරු පියෙකු අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය කියයි .
Read Moreඅනුරාධපුර උලුක්කුලම දෙස සිට ඇලයාපත්තුව දෙසට ගමන් කල යතුරු පැදියක්, අයාලේ යන ගවයෙකුගේ ගැටී පෙරේදා (26 දා) රාත්‍රි සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.
Read More