ජාඇල පොලිස් බල ප්රදේශයේ DP7 කාර්මික ජනපදයේ ප්ලාස්ටික් භාණ්ඩ නිශ්පාදන ආයතනයේ ගබඩාවක හදිසි දැඩි ගින්නක් 24 දින සවස 2.30ට පමණ හටගෙන තිබිණි.
ගින්න ඇති වීමත් සමග කොළඹ ,මීගමුව,ගම්පහ ගිනි නිවන එකක් වල ගිනි නීවීමේ රථ හා නිලධාරීන් පැමිණ ගින්න මැඩ පැවැත්වීමට හා ගින්න අවට කර්මාන්තශාලා පැතිර යාම වැලැක්වීමට කටයුතු කරනු ලැබීය.
ගින්නෙන් ජීවිත හානි කිසිවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවත් විශාල දේපල හානියක් සිදුව ඇති බවත් ජාඇල පොලීසිය පැවසීය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ගින්න හට ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු ජාඇල පොලීසිය මගින් සිදු කරනු ලබයි.
එකිනෙකට ආසන්න කර්මාන්තශාලා විශාල ප්රමාණයක් එකල කාර්මික ජනපදයේ පිහිටා තිබුනද හදිසි ගිනි හෝ ආපදා අවස්ථාවකදී ක්රියාත්මක වීමට කිසිදු ආයතනයක් එකල කාර්මික ජනපදයේ පිහිටා නොමැති බව ප්රදේශයේ ජනතාව පෙන්වා දෙති. එබැවින් මෙම කාර්මික කලාපයේ සිදු වන ගිනි ගැනීම් වලදී ගිනි නිවීමේ ඒකක වලට එම ස්ථාන වලට ළගා විමට සැලකිය යුතු කාලයක් ගත වන බවද ජනතාව පෙනිවා දෙති.
