මහවැලි ගංගාව පිටාර ගැලිම නිසා ඓතිහාසික සෝමාවතිය පුදබිම ගං වතුරින් යටවී ඇත.
සෝමාවතිය පුදබිමේ නිරන්තරයෙන් වනඅලි ගැවසෙන අතර එම සතුන් ද පවතින ජලය නිසා අපහසුතාවයට පත් වී සිටින අතර ඔවුන් පවතින ගංවතුර තත්වය නිසා සෝමාවතිය රක්ෂිතයේ උස් බිම් කරා පැමිණ සිටිනු දක්නට ඇත.
ආගමික වත් සිදු කිරීමට කිසිදු බාධා වක් නොමැති අතර යුද හමුදා නිලධාරීන් , පොලිස් නිලධාරින් හා සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් ඇතුළු 50 දෙනෙකු සිටින බව විහාරවාසි භික්ෂුන් වහන්සේලා සදහන් කර සිටිති .සෝමාවතිය රජ මහ විහාරස්ථානයේ කටයුතු මේවනවිට බෝට්ටු ඔස්සේ සිදුකරගෙන යනු ලබන අතර ආහාර පාන සියල්ලම පවතින බවත් හැම දෙනාම අරක්ෂිතව සිටන බවටත් සෝමාවතිය විහාරවාසී භික්ෂූන් වහන්සේලා ඇතුලු පිරිස් පවසා සිටියහ.