යුක්තිය මෙහෙයුම සම්පූර්ණයෙන්ම නතර කර නොමැති බව පොලිස් මූලස්ථානය පැහැදිලි කිරිමක් සිදුකරයි.
කිතුණු බැතිමතුන්ගේ ආගමික කටයුතු වලට ප්‍රමුඛතාව ලබාදීමත්, සති අන්ත දීර්ඝ නිවාඩුවත්, වර්ෂ අවසාන උත්සව සමය වෙනුවෙන් ආරක්ෂාව ලබාදීමට විශාල පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සංඛ්‍යාවක් යෙදවීම හේතුවෙන් මෙම මෙහෙයුම සඳහා යොදවන නිලධාරීන් කණ්ඩායම් යම්කිසි ප්‍රමාණයකින් අඩුවන බව පොලිස් මූලස්ථානය කියයි.
යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක බවත් තොරතුරු ලබාදීම සඳහා හඳුන්වා දී ඇති දුරකතන අංක 46ට තවදුරටත් තොරතුරු ලබාදිය හැකි බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.