ගාලදිවුල්වැව මෙත් සිසිල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති හිමියන්ගේ කුටිය තුල තිබූ, ලක්ෂ තුනකට ආසන්න මුදල් සහ දේපල සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (21දා) විමර්ශනයක් ආරම්භ කල බව ගාලදිවුල්වැව පොලිසිය පවසයි.
පැමිණිලිකාර හිමිනම දැනට වසර දෙකකට වැඩි කාලයක සිට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලෙස වැඩ වසන අතර පෙරේදා (21) රාත්‍රී 7.30 ත් 7.35ත් අතර කාලයේදී මෙම සොරකම සිදුව තිබේ.
මුදලින් රුපියල් 65000ක් රුපියල් 225000ක් වටිනා ජංගම දුරකථනය, තම කුටියේ ඇඳ මත තබා නාන කාමරයට ගොස් විනාඩි පහකින් පමණ බැලීමේදී එම මුදල් සහ ජංගම දුරකථනය කිසියම් අයෙකු සොරා ගෙන ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගාලදිවුල්වැව පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩි දුර විමර්ශන සිදු කරති.