පයාගල සංචාරක හෝටලයක් පිටුපස මුහුදේ රළ මත ලිස්සා යාමේ ක්රීඩාවේ නියැලී සිටීයදී දියේගිලී අතුරුදන්ව සිටී චීන ජාතිකයාගේ සිරුර උතුර පයාගල කරවල වාඩිය අසලට ගොඩගසා තිබියදී හමුව ඇති බව පයාගල පොලිසිය පවසයි .
ෂෑන්ග් සියෝලෝන්ග් නමැති 54 හැව්රිදි චීන ජාතිකයෙකු මෙසේ මියගොස් ඇති බව පොලිසිය කීය
මියගොස් ඇති චීන ජාතිකයා 22 දා දහවල් උතුර පයාගල සංචාරක හෝටලයක් පිටුපස මුහුදේ දියනාමින් සහ ජල මත ලිස්සා යාමේ ක්රීඩාවේ නියැලී සිටීයදී රළ පහරට හසුව දියේගිලී අතුරුදන්ව තිබුණි.
ඒ අනුව පොලිසිය සහ ප්රදේශවාසින් පයාගල උතුර මුහුදේ නිරීක්ෂණ සිදුකලද ඔහු සොයාගැනීමට හැකිව නැත.
පසුදින උදැසන උතුර පයාගල කරවල වාඩිය ආසන්න මුහුදු වෙරලට මසුන් මැරීම සදහා පැමිණි ධීවරයකු මළසිරුර දැක ලබාදුන් තොරතුරකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා විසින් හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසු මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන යන ලදී.
පයාගල ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක තුෂාර ජයසේකර මහතා ගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය