විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ප්රදේශවල පුද්ගලයන් රවටා රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන උඩුනුවර ප්රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි .
එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ උඩුනුවර ප්රාදේශීය සභාවේ හිටපු සභාපති බන්දුල සෙනවිරත්න (එක්සත් ජනතා නිදහස් සන්ධානය) නමැති අයයි .
සැකකරු කොරියාව, ජපානය ඇතුළු රටවල් ගණනාවක රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 03 සිට ලක්ෂ 10 දක්වා මුදල් ලබාගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති අතර පේරාදෙණිය පොලිසියට පමණක් ලද පැමිණි 08ක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .
ඔහුට එරෙහිව දවුලගල පොලිසියට පැමිණිලි ගණනාවක් ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගත් බව සැලවීමත් සමග ඔහුට මුදල් ලබා දුන් විශාල පිරිසක් මහනුවර සහ පේරාදෙණිය පොලිසි වලට පැමිණෙමින් සිටින බවද පොලිසිය කියයි .
පොලිස් අධිකාරි සමන් අංගම්මන මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ .