උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් දෙමෝදර සහ උඩුවර දුම්රිය ස්ථාන අතරදි පීලිපැනීමට ලක් විමේන් අඩාල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (24) අලුයම සිට සාමාන්‍ය පරදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දෙමෝදර සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී ඊයේ (23) පස්වරුවේ මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ මැදිරියක් මෙසේ පිළීපැනිමට ලක් ව තිබිණ .
දුම්රිය සේවකයන් රාත්‍රි එම දුම්රිය පිලීගත කිරිමේ කටයුතු කලහ.
මේ නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව තිබූ අතර , දුම්රිය රැසක් ප්‍රමාද වූ බවත් දුම්රිය බලධාරීන් පැවසූහ .
බදුල්ල සිට අද (24) අලුයම 5.45 ට උඩරට මැණිකේ දුම්රිය , පසුව කොළඹ කොටුව විශේෂ දුම්රිය , පොඩිමැනිකේ දුම්රිය , ඇල්ල ඔඩිසි දුම්රිය මහනුවර විශේෂ දුම්රිය , කොළඹ කොටුව විශේෂ දුම්රිය , මහනුවර භාණ්ඩ ප්‍රවාහන දුම්රිය න් සාමාන්‍ය පරදි ධාවනය වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .
නත්තල් දීර්ඝ නිවාඩුවත් සමඟ කොළඹ කොටුව සිට සහ මහනුවර සිට විශේෂ දුම්රියන් කීපයක් බදුල්ල බලා මේ දිනවල ධාවනය වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

