මාතර රැඳවියන් අතර උණ රෝගයක් - 17ක් රෝහලට
මාතර බන්ධනාගාරයේ රැදවියන් අතර පැතිර යන උණ රෝගී තත්වය හේතුවෙන් අද (24) වන විට රැදවියන් 17 දෙනෙකු මාතර මහ රෝහල වෙත ඇතුලත් කර සිටින බව එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
එසේ ඇතුලත් කර සිටි 29 හැවිරිදි රැදවියෙකු ඉකුත් 22 දිනවල රාත්‍රි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරුමුවට පත් විය.
අකුරැස්සේ පදිංචිව සිටි ඔහු සිය මව ඝාතනය කිරිමේ චෝදනාවට සැක පිට රිමාන්ඩ් භාරයට පත් වු අයෙක් බව කියති.
කෙසේ වෙතත් උණ වැලදී සිටින බන්ධනාගාර රැදවියන් අතුරින් තිදෙනෙකු මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
සෙසු රැදවියන් රෝහලේ වෙනමම වාට්ටුවක රදවා ප්‍රතිකාර කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.
ඔවුන් වෙනුවෙන් මාතර මහ රෝහලේ වසා දමා තිබු 19 වාට්ටුව වෙන් කර දී තිබෙන බව රෝහල් ප්‍රකාශකයා වැඩි දුරටත් කීය.
එම රැඳවියන්ගේ ආරක්ෂාවට බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු රාජකාරියේ යොදවා සිටින අයුරු දැක ගත හැකි විය.
උණ,බඩ යාම,හිසරදය ,ඇග පත වේදනාව එම රැදවියන්ට පවතින රෝග ලක්ෂණ වෙයි.
මේ අතර උද්ගතව ඇති රෝග ව්‍යාප්තිය හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැදවියන් බැලීමට එන අමුත්තන් සීමා කිරිමට තීරණය කර තිබේ.
අධිකරණය මගින් අලුතින් බන්ධනාගාරයට යොමු කරන නව රැදවියන් අගුණුකොලපැලැස්ස හා බූස්ස බන්ධනාගාර වෙත රැගෙන යාමට ද පියවර ගෙන ඇත.
ඇප ලබා නිවෙස් වෙත යන රැදවියන් පිලිබදව අදලා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුවත් කොට ඔවුන් අධීක්ෂණය කිරීමට ද පටන් ගෙන තිබේ.
මීට අමතරව මාතර බන්ධනාගාරයේ රැඳවියන්ගේ හා කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ද විශේෂ සෞඛ්යාරක්ෂිත ක්‍රම රැසක් ක්‍රියාත්මක කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

