ප්‍රංශ ජාතිකයෙකුට අයත් අස්ථාන ගත වූ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු 12/23 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු යාපනය, මුලතිව් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙකි. මොහු 12/23 දින දහවල් 12.55 ට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීමේ දී ඉදිරිපත් කළ ප්‍රංශ ජාතික ගමන් බලපත්‍රය පිළිබඳ සැක සිතූ ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරීන් මොහු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි.
එහිදී මෙම ගමන් බලපත්‍රය ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ සහ සොරකම් කරන ලද ගමන් බලපත්‍ර ලැයිස්තුවේ සදහන් එකක් බවට කරුණු අනාවරණය වී තිබේ.
ඉන්පසුව මොහුගෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසත් දී , තමන් 12/22 දින යාපනය , මුලතිව් සිට කොළඹ , ආමර් වීදියේ ලැගුම් හළකට පැමිණි බවත් , එහිදී තමා සතු ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය , එහි සිටි තැරැව්කරුවන් දෙදෙනෙකු විසින් ලබා ගෙන මෙම ප්‍රංශ ජාතික ගමන් බලපත්‍රය තමන්ට ලබා දුන් බවත් ප්‍රකාශ කර තිබේ .
ඒ අනුව මෙම ද්‍රවිඩ ජාතික පුද්ගලයා අත්අඩංගුවට ගත් ආගමන විගමන නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.