saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3633 hours ago

LATEST

සංචාරක ඇමතිගේ සති දෙකක ඉන්දීය සංචාරයේ වියදම මිලියන 140යි

calendar_today 2023 ජුනි 22 - 17:59 remove_red_eye - 2257  

’’අපි දන්නවා සංචාරක ඇමති කෙනෙක් ඉන්නවා. හැමදාම රටින් පිට ඉන්නේ. ඉන්දියාවේ සුමාන දෙකක් ගත කරලා ආවා මිලියන 140ක්ද කොහෙද වියදම් කරලා. එයා අරහේ මෙහෙ ගිහිල්ලා බැනර් අල්ලාගෙන හිටියාට සංචාරකයෝ එන්නේ නෑ. යටිතල පහසුකම් වර්ධනය කරන්න කිසිම දෙයක් කරලා නෑ’’

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යැයි පවසමින් පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැලිපැන්න බොන්දුපිටිය නිවසට ගිනි අවි රැගෙන කඩාවැදී දේපළ කොල්ලකෑ කණ්ඩායමේ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මුහුණු පොත හරහා ගැහැණු ළමයෙකු ලෙස පෙනී සිටිමින් කතාබහ කොට 14 හැවිරිදි පිරිමි දරුවෙකු ගම්පහ ප්‍රදේශයට ගෙන්වා ගෙන ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාල පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

අන්තර් පාසල් වයස 15න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේදී තමා මුහුණදුන් තරග දෙකෙන්ම පිට පිටම කඩලු ත්‍රිත්වයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පාසල් වාර්තාවක් තැබීමට බලපිටිය සිද්ධර්ථ විද්‍යාලයේ දිලුක දුශේන් මෙන්ඩිස් සමත්වූයේය.

Read More

ඇල්පිටිය නවදගල විදුහල් කීඩාංගණයේ ඊයේ (21) පැවති වෙළද ,ප්‍රදර්ශණ හා සැණකෙළියේදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකදී හිසට පොලු පහරක් වැදුණු පොලිස් නිලධාරියෙකු ඇතුලු සිව් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.

Read More

සෞඛ්‍ය අංශය වෙනුවෙන් අවශ්‍ය නොලැබෙන්නේ නම් තවදුරටත් අමාත්‍යධුරයේ රැදී සිටීම පිළිබදව තීරණයක් ගැනිමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

යුද හමුදාවට පවරාගත් ස් රථයක් අද (22) අළුයම ස්කූටරයක ගැටී තුන් හැවිරිදි දැරියගේ හිස මතින් ධාවනය වීමෙන් දැරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.

Read More

කොළඹ වරායට පැමිණි බහාලුමක් තුළ සගවා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ රුපියල් හැට හතර කෝටි හැත්තෑ හත් ලක්ෂ විසි දහසක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 16 යි ග්‍රෑම් 193 ක් 06/22 දින කොළඹ වරාය පාලන අංශයේ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

Read More

කුර්දිස්ථානයේ ශ්‍රි ලංකා කන්සියුලර් ජනරාල් ආචාර්ය අහමඩ් ජලාල් (Dr. Ahmad Jalal) මහතා ඇතුළු විශේෂ නියෝජිතයින් පිරිසක් 2023.06.21 දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී, කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි අසීස් මහතා හමුවිය.

Read More

කෘෂිකාර්මික නිෂ්පාදනයන් හි ගුණාත්මකභාවය තහවුරු කිරීමට හදුන්වා දී ඇති යහ කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම සඳහා ගොවීන් 10,000කට හරිත මුද්‍රාව සහතික ලබා දීමේ වැඩ සටහනක් කෘෂි ආංශික නිපුණතා සභාව ආරම්භ කර තිබේ.

Read More

දඹගල්ල පොලිස් වසමේ මඩුල්ල ප්‍රා දේශීය සභා ක්‍රීඩාංගණයේ පැවැති සැණකෙළියක මාරක ළිඳේ පඩිපෙළකින් ඇද වැටී තුවාල ලැබූ ළදරුවෙක් මොණරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (21දා) අලුයම් කාලයේදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

ඉන්දියානු බල ශක්ති සමාගමක්වන පෙට්‍රොනෙට් එල්.එන්.ජි. (PetronetLNG) සමාගමේ නිලධාරීන් විසින් විදුලිබල මණ්ඩලයේ ද්‍රව ස්වභාවික වායු (LNG) අවශ්‍යතාව සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සැලසුමක් ඉදිරිපත් කර තිබේ.

Read More

දැනට ආයතන අතර පවතින ප්‍රශ්න හේතුවෙන් අතරමැද නවත්වා ඇති ව්‍යාපෘති 11 ක් සඳහා රු. මිලියන 56,388/= ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති බවත්, නාගරික සංවර්ධන අධිකාරිය විසින් රු. මිලියන 2,531ක් වැය කර තිබුණද, තවදුරටත් ගෙවීම සඳහා රුපියල් මිලියන 14,23ක හිඟ බිල්පත් පවතින බවත් මෙහිදී අනාවරණය විය. එසේම රුපියල් මිලියන 56,999ක මුදලක් ව්‍යාපෘතිවල වැඩ නිමකිරීම සඳහා තවදුරටත් අවශ්‍යව ඇති බවත් මෙහිදී හෙළි විය.

Read More

මෙරට තුළ ළමා ක්ෂය රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, ඉන් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා අවධාරණය කරයි.

Read More

රජයේ රෝහල් සතුව තිබෙන සී.ටී ස්කෑන් යන්ත්‍ර 12 ක්, එම්. ආර්. අයි. ස්කෑන් යන්ත්‍ර දෙකක්, හෘද කැතීටර යන්ත්‍ර තුනක් හා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර දෙකක් අක්‍රිය වී තිබේ.

Read More

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නමැත්තා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම පෙත්සම්කරු විසින් අද (21දා) ඉල්ලා අස්කර ගනු ලැබීය.

Read More

නිර්වින්දන එන්නතක ඇති වූ සංකූලතා හේතුවෙන් පේරාදෙණිය ළමා රෝහලේ දී කුඩා ළමයකු මියයාමේ සිද්ධිය ප්‍රතික්ෂේප කරන බවත් සංකූලතා ඇතිවීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කරන ලද එම නිර්වින්දන එන්නත කිසිසේත්ම කුඩා ළමයින්ට භාවිතා නොකරන්නක් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

දීර්ඝ කාලයක සිට රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සිදු කරමින් ඩුබායිහි සැඟවී සිට ඉතා රහසිගත ජීවිතයක් ගත කරන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ’’ රසල් ඇලෝසියස් ස්මිත්’’ නැමැත්තකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රවීණරංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට එරෙහි නඩුවකටඉදිරිපත් නොවීම හේතුවෙන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් විය .

Read More

රටතුල ඇතිවූ ආර්ථික අවපාතයහේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලදී.රට ආර්ථික වශයෙන් බංකොලොත් බවට ප්‍රකාශයට පත්කිරීමත් සමඟම ජපාන ජයිකා ආයතනය විසින් මෙම දෙවන පර්යන්තයේ ඉදිකිරීම් සඳහා ලබාදුන් ණය මුදල් නවතා දැමීම මෙම ඉදිකිරීම් නැවතීමට හේතුව විය.

Read More

මෙරට උද්ධමනය මැයි මාසයේදී සියයට 22.1දක්වා පහත වැටී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේන දෙපාර්තමේන්තුව කියයි.

Read More

මෙරට වතු සමාගම්වල වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට වැවිලි කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පසුගියදා තීරණය විය.

Read More

සිය පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව පවසමින් විදේශ රැකියා ලබාදීම සදහා මුදල් එක් රැස්කරන ජාවාරම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුවන බවත් එවැනි පුද්ගලයින් සමග සිදුකරන ලබන කිසිදු ගනුදෙනුවකට හෝ පොරොන්දුවකට තමන් වග නොකියන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කර සිටී.

Read More

යාපනය පලාලි ගුවන්තොටුපල දිනෙන් දින කාර්යක්ෂම වීමත් වැඩි මගීන් ප්‍රමාණයක් ඉන්දියාව අතර ගමනාගමනය වීමත් හේතුවෙන් ගුවන්තොටුපල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

Read More

නුගේගොඩ පොලිස් කොට්ඨාස බලප්‍රදේශයේ පැය දහයක් තුළ හෝමාගම සහ කොට්ටාව ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

Read More

කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ දිනයේදීත් ප්‍රමාදවීම නිසා ශ්‍රමිකයින් කොරියාවට යැවීමට නොහැකිවීමේ ගැටුලුවට ස්ථිර විසදුමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ලබාදී තිබේ.

Read More

බැතිමතුන් විසින් රුවන්වැලි සෑය චෛත්‍යය රාජයාණන් වහන්සේට පූජා කළ සිවුරු අටපිරිකර ඇතුළු ලක්ෂ දෙකකට වැඩි පිරිකර සොරකම්කළ පුද්ගලයකු ඊයේ ( 20 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිව වරයාට වෙඩි තබා තුවාල සිදු කිරීම හා ත්‍රි පුද්ගල ඝාතනයක ට පොලිස් නිලධාරියකු ලෙස වෙස් ගෙන සහාය දුන් සංවිධානත්මක අපරාධකරුවෙකු සහ ඊට සහය දුන් කාන්තාවක් ගිනි අවියක් සහ හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

ආහාරමය නොවන කටයුත්තක් සඳහා යොදාගත් බඳුන් ආහාර බහාලීම සඳහා යොදාගැනීම බරපතල වරදක් වන අතර විශේෂයෙන් ලිහිසි තෙල් හා විෂ රසායනික ද්‍රව්‍ය බහාලන බැරල් මෙන්ම මළකඩ කෑ බැරල්වල බහාලූ පොල්තෙල් වැනි ආහාරමය ද්‍රව්‍ය පරිහරණයෙන් විෂවීම්, අසාත්මිකතා ඇතුළු විවිධ සෞඛ්‍යමය ගැටළු ඇතිවිය හැකි බවත් අදාළ නිලධාරීහු පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.