saravita-anim2

2025 ජුනි මස 09 වන සඳුදා

2025 ජුනි මස 09 වන සඳුදා

Latest News - timelapse 3665 hours ago

LATEST

සීතාවක ඔඩිසි ඉරිදා සිට ධාවනයට

calendar_today 2023 පෙබ 20 - 20:17 remove_red_eye - 526  

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කොළඹ කොටුව සිට වග දුම්රිය ස්ථානය දක්වා සුඛෝපභෝගී සති අන්ත විශේෂ දුම්රියක් (සීතාවක ඔඩිසි) එළැඹෙන 26 දා සිට ධාවනයට එක්කර තිබේ.

සීමාසහිත ලංකා සීනි සමාගමේ පැලවත්ත සහ සෙවණගල ඒකක දෙකේ එතනෝල් නිපදවන බොයිලේරු ක්‍රියාත්මක කිරීම සඳහා එක්තරා සමාගමකින් දැවිතෙල් වෙනුවට කළුතෙල් මිලදී ගැනීමකින් 2021 – 2022 අතර වසරක කාලයේ දී සීනි සමාගමට අහිමි වී තිබෙන මුදල රුපියල් කෝටි හැත්තෑවකට අධික බව රජයේ විගණකාධිපතිවරයා කළ විශේෂ විගණනයක දී හෙළි වී ඇති බව විගණන නිලධාරියෙකු සමඟ එම කාර්යාලයේදී කරන ලද මාද්‍ය සාක්ච්ඡාවකදී අනාවරණය විය.

Read More

චීනයේ ඉල්ලුම ප්‍රකෘතිමත් වීම ප්‍රධානතම සාධකය බවට පත්වෙමින් ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල ඉහළ ගියේය.

Read More

රෝගීන්ට අවශ්‍ය ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය දේශපාලන වුවමනාවන් මත අවුල් කිරීමේ වැඩ පිළිවෙලක් ඇතැම් වෛද්‍යවරුන් ගේද සහාය ඇතිව ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

දෙමටගොඩ ධර්මාරාම පාර කාලිපුල්ලවත්ත නිවසක සඟවා තිබූ තියුණු ආයුධ තොගයක් සමග නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. සැකකරු සමඟ කඩු 13 පොලිස් භාරයට ගෙන ඇත.

Read More

බොරැල්ල රජයේ මුද්‍රණාලයට මීට සුළු මොහොතකට පෙර දී යුද්ධ හමුදාව සහ පොලිසියේ විශාල බල ඇණියක් කැඳවා ඇතැයි වෘතීය සමිති ආරංචි මාර්ග සනාථ කරයි. කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ අතරතුර දී මෙම බලඇණිය කැඳවා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. යුද හමුදා නිලධාරීන් සිය දෙනකු පමණ සහ නිලධාරීන් පනස් දෙනකු පමණ එම ආයතන භූමියට කැඳවා ඇතැයි ද දැනගන්නට ඇත.

Read More

සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතා පා ගමන විසුරුවා හැරිම වෙනුවෙන් පොලීසිය ජල හා කඳුළු ගැස් ප්‍රහාරයක් එල්ල කළේය. මරදාන ටෙක්නිකල් හන්දියේදී මෙම ප්‍රහාරය එල්ල කළේය.

Read More

මෙය රුසියානු - යුක්රේන ගැටුම් ආරම්භ වීමෙන් පසුව ඇමෙරිකානු නායකයාගේ ප්‍රථම යුක්රේන සංචාරය වීම විශේෂත්වයකි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිණිපේ අමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණයට ගොස් සිටි අවස්ථාවේ ඒ ආසන්නයේ ස්ථානයක පුපුරන ද්‍රව්‍ය යොදාගනිමින් මසුන් මරමින් සිටි සිවිල් ආරක්ෂක භටයකු හසලක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

මීපාගම ජලාශයේ සිට කුකුලේගඟ ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන එන නල පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කුකුලේ ගඟ ජල විදුලිබලාගාරය මාස 03ක කාලයක් සඳහා වසා ඇති බව කුකුලේ ගඟ ජල විදුලි බලාගාරයේ ප‍්‍රධාන ඉංජිනේරු ශාන්ත පෙරේරා මහතා පවසයි.

Read More

පසුගිය කාල පරිච්ඡේදය පුරා ම පුළුල් අයවැය පරතරයක් පවත්වාගෙන යමින් එය පියවීමට අඛණ්ඩ ව ම ණය ගැනීම නිසා එය නිෂ්පාදන ආර්ථිකයට එකතු නොවීම හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය හටගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.

Read More

නවසීලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ජැමින්සෙන්ට මෙම සතියේ තවත් ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. මෙම ශල්‍යකර්මය සිදුකළහොත්, ඔහුට තවත් මාස තුන හතරක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත් වී සිටීමට සිදුවනු ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 පෙබරවාරි මස 19 වන දින යාපනය, කරෛයිනගර් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 128 කට අධික තොගයක් (‍තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

සමගි ජන බලවේගය අද කොළඹදී සංවිධානය කළ විරොධතාව ඒ ආකාරයෙන්ම පවත්වන බව එම පක්ෂය සඳහන් කරයි. එම විරෝධතාව සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය මගින් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබේ.

Read More

සමගි ජනබලවේගය අද පැවැත්වීමට නියමිත විරොධතාවට අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

අද දිනයේදී කොළඹ විරෝධතා කිහිපයක් පවත්වන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සඳහා පොලීසිය සූදානම් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවැසීය.

Read More

නෝටන්බ්‍රිජ් ප්‍ර දේශයේදී පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

වේදිකා මාධ්‍යවල විශාල ප්‍රවණතාවක් හැදුවා වඳ කොත්තු තියෙනවා කියලා. කෙහෙද අප්පා කාල වඳවෙන්නේ. ඒත් පිළිගත්තේ නෑ. කවදා වෙනකම්ද? ගෝඨාභය පුටුවේ වාඩි වෙනකම්. ගෝඨාභය පුටුවේ වාඩි වුණාට පස්සේ කොත්තු වඳ වුණා. ඇඳුම් තියෙනවා කිව්වා වඳ කරන. අර කඩේට යන්න එපා, මේ කඩේට යන්න එපා ඒ ඇදුම් ඇන්දොත් වඳ වෙනවා කිව්වා. ලෝකෙ මොන විද්‍යාවකවත් ඇඳලා වඳ කරන්න බෑ. හැබැයි කිව්වට අහන්නේ නෑ. ජෙල් වගයක් තියෙනවා කිව්වා. එක නාළිකාවක් ඇඳුම්වල වාටි ලෙහ ලෙහ ජෙල් පෙන්නුවා. පෙන්නලා

Read More

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අහෝසි කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස විශ්‍රාමික කර්නල්වරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ලබන 23දාම සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Read More

“සියනෑවේ පිබිදෙන හරිත අගනගරය ”ලෙස ගම්පහ සංවර්ධනය කෙරේ. 2023 – 2033 කාලය තුළ එය ක්‍රියාත්මකයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ඊට අදාළ සංවර්ධන සැලැසුම් කෙටුම්පත නාගරික සංවර්ධන අධිකාරිය සකස් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව සැලකිය යුතු ඉහළ මට්ටමේ ආහාර අනාරක්‍ෂිතතාවයකින් පෙළෙමින් සිටින බවත් විශේෂයෙන්ම දුගී ජනතාව ඇතුුළු ජනගහනයෙන් 30%කට වැඩි සංඛ්‍යාවකට එය බලපා ඇති බවත් ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකාවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙරාඞ් රෙබෙලෝ පැවසීය.

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

Read More

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය. ඒ නවසීලන්තය හමුවේ ලකුණු 102 ක දැවැන්ත පරාජයක් ලැබීම හේතුවෙනි. මෙම තරගය පාල් හිදී පැවැත්විණි.

Read More

අද ජනතාවට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූවත් මෙය අපේක්ෂා කළ යුත්තේ කෙටි කලක් සඳහා පමණක් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ ජනතාවගේ ආර්ථිකය යහපත් තැනකට ඔසවා තැබීම මෙම වසර අවසාන වීමට පෙර සිදු කරන බව ද පැවසුවේය.

Read More

නමුත් අවසන් අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මගෙන් කළ ඉල්ලීම ජනතාවගේ දෝෂාරෝපණය මධ්‍යයේ වුවත් මම භාර ගත්තේ මෙරට ආර්ථිකය නඟා සිටුවිය හැකි බවට දැඩි විශ්වාසයක් මා තුළ තිබු නිසයි.

Read More

රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කෙරේ.

Read More

ජල ගාස්තුවද ළගදීම ඉහළ දැමීමට සිදුව ඇති බව ජල සම්පාදන හා වතුයටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා පැවැසීය. විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ළගදීම ජල ගාස්තුවද ඉහළ දැමීමට සිදුවන බවත්, ඊට ප්‍රධානතම හේතුව බොහෝ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ විදුලි බලයෙන් බවද හෙතම කීය.

Read More

විදුලි බිල ඉහල දැමීමත් සමග දකුණු පලාතේ සැලුන් වල කොණ්ඩා හා රැවුල කැපීමේ ගාස්තු ද රුපියල් 50 ත් 100 ත් මුදලකින් ඉහල දමා තිබේ.

Read More

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇතැයි වාර්තා වෙයි. විදුලි බිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට සාපෙක්ෂව මෙසේ ජල ගාස්තුද ඉහළ නැංවීමට නියමිතය.

Read More

ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ ක්‍රිඩකයින් නවසිලන්ත සංචාරයට ප්‍රථම නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයේදි ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ පුහුණුකාරිත්වයෙන් ඊයේ (18) දින සිට පුහුණුවිම් ආරම්භ කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.