ජනවාරි 04 වැනි දා සිට 31 වැනි දා දක්වා පැවැත්වෙන උසස්පෙළ විභාගයට අදාළ සියලුම ප්‍රවර්ධන කටයුතු අද ( 29 වැනි) දින මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව විභාග අපෙක්ෂකයන්ට උපකාරක පන්ති පැවැත් වීම, සංවිධානය කිරීම, පන්ති මෙහෙයවීම,විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ වැඩමුළු පැවැත්වීම, විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා ඒවා බෙදා හැරීම, පෝස්ටර් බැනර් අත්පත්‍රිකා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම, ළඟ තබා ගැනීම සපුරා තහනම් බවද පෙන්වා දෙයි.යම් අයෙකු හෝ ආයතනයක් විසින් හෝ වෙනත් පරිශ්ව මෙම නියෝග නොසලකා හැර ක්‍රියා කරනු ලැබුවහොත් විභාග පනත යටතේ වරදකරුවකු වන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම නියෝග කඩකරන පුද්ගලයන් හෝ ආයතන පිළිබඳව ළඟම පොලීසියට හෝ 0112421111මගින් පොලිස් මූලස්ථානයට හෝ 119 පොලිස් හදිසි ඇමතුම් අංකය මගින් දැනුම් දෙන ලෙසත්, මීට අමතරව 1911 හෝ 0112784208 හෝ 0112784537 මගින් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දිය හැකි බවත් පෙන්වා දෙයි.