saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 3436 hours ago

LATEST

අස්වැසුම ගිණුම් ආරම්භයට රාජ්‍ය බැංකු නිවාඩු දිනවලත් විවෘතයි

calendar_today 2023 අගෝ 01 - 09:42 remove_red_eye - 222  

අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබූ පිරිසට අවශ්‍ය බැංකු ගිණුම් ආරම්භ කිරිම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවල ද විවෘතව පවතිනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කට සමෘද්ධි දීමනාව තව දුරටත් ලබා දීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඇතැම් ඉන්ධන වල මිල ගණන් ඉහළ දමා ඇති අතර තවත් ඉන්ධන වර්ග වල මිල අඩුකර තිබේ.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුලි මාසයේ මතුපිට උද්ධමනය සියයට 6.3ක් දක්වා පහත බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මාස ගණනාවකට පසුව නැවතත් උද්ධමනය තනි ඉලක්කමකට පැමිණ තිබේ.

Read More

කුකුළු මස් හා මිල ගණන් සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි ඉතා ඉහළ මට්මටක පැවැතීම නිසා පසුගිය ජූලි 27 වනදා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැති ජීවන වියදම් කමිටු රැස්වීමේදී කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් ආනයනය කිරීමට එකඟ වූ බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

උඩරට ප්‍රදේශවලට මේ දිනවල බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල විදුලි උත්පාදනය බොහෝ දුරට සීමා කොට ඇති බව එහි කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි.

Read More

බාල ඖෂධ මෙරටට නොගෙනෙන බවත්, මෙරටට අවශ්‍ය ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය හරහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙරටට ගෙන එන බවත්, බාල බෙහෙත් කියා දෙයක් ලෝකයේ කොහේවත් නිපදවන්නේ නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

ලෝකයේ පුද්ගලයකු මේ වන විට සතියකට ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයක්, එනම් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ග්‍රෑම් 05ක් අනුභව කරන කරන බව ගෝලීය දත්ත අනුව හෙලිවෙයි.

Read More

කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර සහ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර භාවිතා කරමින් යුරෝපය වෙත පැන යාමට තැත් කළ ලාංකික තරුණයන් 05 දෙනෙකු අද (31දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ගුවන් යානයට පිවිසෙන අවසාන ගේට්ටුවේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ මහජන බැංකු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක්වූ බව කොම්පඤ්ඤ වීදිය පොලිසිය සඳහන් කරයි.

Read More

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (31) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී සිදුකරන ලදී.

Read More

බදුල්ල තල්දෙන ඇළේ ජලයේ පාවෙමින් තිබු තරුණයෙකුගේ මල සිරුරක් 31 දින දවල් සොයාගත් බව පොලිසිය කියයි.

Read More

2021 වසරේදී සංචාරක ප්‍රවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අදාළ ආයතන 15කින් මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබාගත්තා. මෙම ව්‍යාපෘතිය ලංකාවට ලැබීමට සමගාමීව නේපාලයට සහ ඩොමිනිකා රාජ්‍යයටත් ලැබුණා. ඩොමිනිකා රාජ්‍යයට ලැබුණේ ඩොලර් මිලියන 200ක ව්‍යාපෘතියක්. අපේ රටට ලැබී තිබුණේ ඩොලර් මිලියන 65ක ව්‍යාපෘතියක්. නමුත් අප තවම මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබා දී නැහැ. නේපාලය දැන් ව්‍යාපෘතිය ආරම්භ කර එහි වැඩ කටයුතු කරගෙන යන අතර

Read More

ලෝකයේ විශිෂ්ඨතම සෞඛ්‍ය පද්ධතියක් සහිත මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය රැක ගැනීම රජයේ පමණක් නොව, සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා මහජනතාව මෙන්ම ජන මාධ්‍යයේ ද වගකීමක් බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා අවධාරණය කළේය.

Read More

ඉන්ධන පිරවුමිහල් 101 ක් ඉන්ධන තොග පවතාවාගෙන නොයාම නිසා රජයට පවර ගැනිමට උපදෙස් ලබාදුන් බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසිශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාතර ආසන සමිමෙිලනය ඊයේ (30දා) මාතරදි අමතමින් ඔහු මේ බව පැවැසීය.

Read More

වතුකරයේ ජනතාවටත් (31) දින සිට හැටන් සතොස ශාඛාව හරහා රු 35 ට ආනයනික බිත්තර මිල දි ගත හැකි බව හැටන් සතොස ශාඛාවේ කලමණාකාරවරයා පැවසිය.

Read More

හොරොව්පතාන ලංගම ඩිපෝවේ රියැදුරෙකුට සහ කොන්දොස්තරවරයෙකු ට පහරදීම හේතුවෙන් රජරට ප්‍රාදේශීකයේ ලංගම ඩිපෝ 7 අද දිනයේ ධාවනයෙන් ඉවත්ව ඇති බවත් මේ වන විට රජරට ප්‍රාදේශිකය තුළ බස් රට 400 හාරසියයකට ආසන්න ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත්ව ඇති බව කහටගස්දිගිලිය ඩිපෝව කළමනාකාර මහින්ද කුමාර විජය බණ්ඩාර මහතා පවසයි.

Read More

සත්ව ආහාර හා බියර් නිෂ්පාදනය කිරීම සඳහා සහල් තොග යොදාගැනීම තාවකාලිකව අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එම අමාත්‍යංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දී තිබේ.

Read More

2023 වසරේ පළමු මාස හත තුළ සංචාරක පැමිණීම් දැනටමත් 2022 මුළු වසර සඳහාම වාර්තා වූ මුළු සංචාරක පැමිණීම් ඉක්මවා ගොස් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරයේ තාවකාලික දත්ත පෙන්වා දෙයි. මේ වසරේ ජනවාරි 1 සිට ජූලි 27 දක්වා කාලය තුළ සංචාරක පැමිණීම 2022 වසරේ සමස්ත සංචාරක පැමිණිම්වලට වඩා සියයට 4ක ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව එම දත්ත පෙන්වා දෙයි.

Read More

සමනල වැව හා උඩවළවේ ජලාශයේ ජල ධාරිතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වී ඇතුළු අනෙකුත් බෝග සහ විදුලි බල නිෂ්පාදනය අඩාළ වීම අනුව ඉදිරි සතියක කාලය තුළදී සමස්තයක් ලෙස රු.බිලියන 30ක පමණ අලාභයක් සිදුවිය හැකි බවට ඇස්තමේන්තු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

Read More

මත් කුඩු චෝදනාවට මහාධිකරණයෙන් සැමියා බන්ධනාගාරගත කර සිටියදී වසර එක හමාරක පිරිමි දරුවා ඇකේ තබාගෙන හොරයින් මත්කුඩු ජාවාරම් කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

Read More

ජාතික ඩෙංගු මර්දන ඒකකය තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනෙකු සේවයේ නිරතව සිටි අතර මේ වන විට අනුප්‍රාප්තිකයින් නොමැතිව ඔවුන් වෙනත් ස්ථානවලට මුදාහැර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

Read More

දකුණු පළාත තුළ මහා පරිමාණයෙන් මත් කුඩු ජාවාරමේ නිරත වු බව කියන “කූඩුමුවා” හා “ඕලුමුවා” යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පිය-පුතු දෙදෙනෙකු හෙරෝයින් මත්කුඩු සමග තංගල්ල කුඩාවැල්ලේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාෂ දූෂණ මර්ධන ඒකකය පවසයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් කුවේට් රාජ්‍යයේ, මධ්‍යම බන්ධනාගාරයේ දී ඉකුත් 27දා මරණ දණ්ඩනයට නියම වූ ශ්‍රී ලාංකිකයා ප්‍රියංකරගම පොලිස් වසමේ පුද්ගලයෙකු බවත්, ඔහුගේ දේහය මෙරටට ගෙන්වා ගැනීමට ඥාතීන් අකමැත්ත ප්‍රකාශ කර ඇති බව ප්‍රියංකර ගම පොලීසිය පවසයි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව වාර්තාවේ.

Read More

තම පෞද්ගලික ධනය ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ආයුර්වේද ක්ෂේත්‍රය වෙනුවෙන් මයියංගන දඹාන ප්‍රදේශයේ ඉදිකරන ලද වර්ග අඩි විසි දහසක මයියංගන ආයුර්වේද කෞතුකාගාරය සහ අධ්‍යාපන නිකේතනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රීලංකාවේ ආයුර්වේද වෛද්‍ය දෙපලකට ජපානයේ ෆුකුඕකාහී ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව මෛත්‍රී පදනම විසින් පසුගියදා ගෞරව සම්මානයක් පිරිනමා ඇත.

Read More

කෙසෙල්වත්ත පොලිස්වසමේ මාටිස් ලේන් ප්‍ර දේශයේදී යතුරුපැදියකින් පැමිනි නාඳුනන පුද්ගලයන්දෙදෙනෙකු විසින් මාර්ගය අසළ රැඳී සිටි පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා පළාගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

දැනට පවතින නියඟ තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

අද පෙරවරු 8.30 වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින ඉන්ධන තොග පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තොරතුරු හෙළි කළේය.

Read More

ලබන මාසයට අදාළව සිදුකිරිමට නියමිත ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් ඉන්ධන හල් 162ක් පමණ සියයට 50ක තොගය පවත්වාගෙන යාමට කටයුතු කර නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.