saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 3444 hours ago

LATEST

ඉන්ධන තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන නොයන ඉන්ධනහල් 162ක් ඇමති හෙළිකරයි

calendar_today 2023 ජුලි 30 - 14:39 remove_red_eye - 334  

ලබන මාසයට අදාළව සිදුකිරිමට නියමිත ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් ඉන්ධන හල් 162ක් පමණ සියයට 50ක තොගය පවත්වාගෙන යාමට කටයුතු කර නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

රිදීමාලියද්ද යකහල්පොත ගම්මානයේ කාන්තාවක ඝාතනය කර වැසිකිළි වගකට දමා ඝාතනයක් වසංකල බවට සැකපිට වසර දෙක හමාරකය පසු 29 දින පිය පුතු දෙපලක් අත් අත් අඩංගුවට ගත් බව පොලිසියි කියයි, 2021 වසරේ පෙබරවාරි මාසයේ දිනක රාත්‍රි කාලයේදි තම බිරිදට සිදු කල පහරදීමකින් අනතුරුව ඇය මරණයට පත්වීමෙන් පසු පුත්‍රයා සමග එක්ව බිරිද වැසිකිළි වලකට දමා මිහිදන් කල බව කියමින් මරණයට පත්වු කාන්තාගේ ස්වාමියා පොලිසියට පාපෝච්චාරණය කර තිබේ,

Read More

ගම්පහ නගරය ආශ්‍රිතව සහ නගරයට නුදුරු ප්‍රදේශයක පාසල් දෙකක සිසුවියන් දෙදෙනෙකු ඉකුත් 28 වෙනි සිට අතුරුදහන් බවට පැමිණිලි ලැබී ඇති බව ගම්පහ සහ වැලිවේරිය පොලිස්ථාන සදහන් කරයි.

Read More

රාත්‍රී කාලයේ දී විවිධ ප්‍රදේශවල සුපිරි වෙළඳ ප්‍රදර්ශනාගාර බිඳ රුපියල් කෝටියකට ආසන්න වටිනා ජංගම දුරකථන ඇතුළු විදුලි උපකරණ සොරාගත් මාලිගාවත්ත ’’ඩිමෙල් වත්ත කළු ’’නැමැත්තා හා සොර බඩු මිලදී ගත් කියන මාලිගාවත්ත ආර් බි වත්තේ ’’උක්ඔයිල් ’’නැමැති සංවිධානාත්මක අපරාධකරුද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි

Read More

වවුනියාව, පාලමොටෙයි ප්‍රදේශයේ වෙඩි වැදීමකින් මියගිය තරුණයෙකුගේ මළසිරුරක් ඊයේ (29) දින සොයාගත් බව වවුනියාව, ඕමන්ත පොලිසිය පවසයි.

Read More

ඉන්දීය සම්භවයක් ඇති උඩරට කඳුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් ගතවීම, උඩරට වතුකරයේ අධ්‍යාපන කටයුතු හා ධීවර ගැටළු සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමති එම්. කේ. ස්ටාලින් මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් හා ජල සම්පාදන හා වතුයටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පියවර ගනු ලැබීය.

Read More

පාදයේ පවතින දරුණු තුවාලයකට ප්‍රථිකාර ලබමින් මේ වන විට සුව අතට පත් වෙමින් සිටින අග්බෝ ඇතාගේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඊයේ (29) පස්වරුවේ සොයා බැලීමට කටයුතු කරනු ලැබීය.

Read More

රටේ කුමන තත්ත්වයක් පැවතියත් තමා රට හැර නොයන බවත් රටේ ආර්ථිකය ගොඩ ගන්නේ කෙසේදැයි කියා සිතා ගැනීමට නොහැකි ආකාරයට රට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛතීපාල සිරිසේන මහතා ඊයේ (29) පස්වරුවේදී මීටියාගොඩදී කීවේය.

Read More

මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මහජන පැමිණිලි 11,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙන බවත් එම කටයුතු කරගෙන යාමේ දී කාර්යමණ්ඩල හිඟය ගැටලුවක් වී ඇති බවටත් ඔවුන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබිණ. ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

ජපාන විදේශ අමාත්‍යවරයා ජනපති හමු වෙයි ජපාන – ශ්‍රී ලංකා සහයෝගීතාව වර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයේම කැපවීම අවධාරණය කෙරේ. ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට ජපානය ලබා දෙන සහාය ජනපතිගේ ඇගයීමට. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති කිහිපයක කටයුතු කඩිනම් කිරීමට අවධානය.

Read More

දකුණු කොරියාවේ පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

සුදු පාලන සමයේ සිට පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක කරන මහජනතාවට සිය බලය පෙන්වීම් සඳහා සැලසුම් කරන මා ර් ග පෙළපාලි සහ උත්තමාචාර පෙළපාලිය 29 දින දඹුල්ල පොලිස් ඉතිහාසයේ පළමු වතාවට 29 දින පෙරවරුවේ දඹුල්ල නගර මධ්‍යයේ දී පැවැත්විණි

Read More

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාෂා මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (28දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

බොරැල්ල පොලීසිය විසින් ඊයේ (28දා) අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා වහාම නිදහස් කරන්නැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය දැක්වීමට ප්‍රංශයේ කැපවීම යළි සහතික කෙරේ‍. ණය ප්‍රශස්කරණ වැඩපිළිවෙළේ දී ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සහාය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳ නායකයෝ සාකච්ඡා කරති.

Read More

දිවයිනේ සියලුම පළාත් පාලන ආයතනවලට අයත්, මාර්ග සිතියම්ගත කිරීම 2025 වසර වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉන් අනතුරුව එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

Read More

මියන්මාරයේ මෝඛා සුළි කුණාටුවෙන් විපතට පත් සිවිල් ජනතාව වෙත පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා රජය පරිත්‍යාග කළ ලංකා තේ මෙට්‍රික් ටොන් 1 ක් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද උත්සවයක් අතරතුර භාර දෙන ලදී.

Read More

මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාම නිසා ලංකාවට දෙස් විදෙස්හි වශයෙන් ලැබුණු අප්‍රසාදය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා අවධානය යොමු විය.

Read More

යුවාන් මිලියන 240 ක චීන රජයේ මුල්‍ය ආධාර යටතේ අලුත් කඩේ, උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2023.07.31 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

එසේ ම 2024 වර්ෂයට අදාළ ව පහේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග තුන ම 2024 වර්ෂය තුළ දී ම පවත්වා අවසන් කිරීමටත් සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read More

ප්‍රංශයේ අති විශිෂ්ඨතම ’’ බැගට් ’’ ( Baguette ) පාන් නිෂ්පාදකවරයා ලෙස 2023 වසරේ දී තේරී පත් වීමෙන් පසුව ප්‍රංශ ජනාධිපති මන්දිරයට වසරක කාලයක් සදහා , ඔහුගේ බේකරි නිෂ්පාදන සැපයීමේ කොන්ත්‍රාත්තුව හිමි කර ගත් දර්ශන් සෙල්වරාජ් මහතා අද (28දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාවගේ ඇති කැමැත්ත අඩුවී විකල්පයක් කෙරෙහි ජනතාවගේ කැමැත්ත ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

Read More

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සිදුකරන ලද ආයතනියක අභ්‍යන්තර සමාලෝචනයට අනුව පේරදෙණිය විශ්ව විද්‍යාලය ඒ ශ්‍රේණියේ ගණයට පැමිණ තිබේ .

Read More

මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේදී හමුවූ මිනිස් අස්ථි කොටසු හමු වූ ස්ථානයේ වැඩිදුර කැනීම් සිදුකොට හමුවූ අස්ථි කොටස් පිළිබඳව ජාත්‍යන්තර පරික්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අද (28) දින උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් සිදුකරන ලෙස ඉල්ලා ඇත.

Read More

අපේ ආර්ථික වර්ධනය සෘණ 3.5 යි. 2048 වනවිට මේ රට සංවර්ධනය කරනවා කියල ජනාධිපතිවරයා පවසා තිබෙනවා. එතනට යන්න නම් අවුරුද්දකට සියයට 6.5 කින් පමණ මේ රටේ ආර්ථිකය වර්ධනය කරගන්න ඕන. අපිට ඒක කරන්න පුළුවන්. නමුත්, අපි මෙතනට යන්න නම් තමිල්නාඩු ප්‍රාන්තය වගේ ලෝකය සමග එකට එකතු වෙන්න ඕන

Read More

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් ඇතුළු 62 දෙනෙකු , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ එරටින් පිටුවහල් කර අද (29දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

Read More

රුපියල් කෝටි 21 ක් වටිනා කුඩු වශයෙන් සකස් කළ කෘතිම ගංජා සහ කෘතිම ඇම්පටමයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහ කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊ‍යේ (26දා) සවස අත් අඩංගුවට ගෙන ඇති බව එහි උසස් නිලධාරීවරයෙකු පැවසීය.

Read More

අස්වැසුම ප්‍රතිඵල ප්‍රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත් භාර දීම සඳහා අද 27 උදෑසන සිට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ඇද වැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බව ඇල්ල පොලිසිය කියයි.

Read More

මැදගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයකරන උප පොලිස් පරීක්ෂකවරියකගේ සේවය මූලික විමර්ශනයකට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම්කිරීමට මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතා විසින් පියවරගෙන ඇත.

Read More

ඖෂධ හිඟය මාස දෙකක් ඇතුළත මග හරවා ගැනීමට අවශ්‍ය මිලදී ගැනීම් සදහා සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියා කර ඇති බවත්, හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ වර්ග 160 ක් පමණ ගෙන්වීමට යෝජනා කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.