පානදුර රන්කොත් විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය කහපොල සුගතරතන හිමියන්ට පහරදුන් බවට ලද පැමිණිල්ලක් මත සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
විහාරාධිපති හිමියන් කල පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උන්වහන්සේගේ සොහොයුරියකගේ ස්වාමී පුරුෂයා සහ ඔහුගේ පුත්‍රයා බවද පොලිසිය සදහන් කරයි.
නායක හිමියන් වැඩසිටින පානදුර රන්කොත් විහාරස්ථානයට ඊයේ (10) පැමිණි සැකකරුවන් උන්වහන්සේට පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇතැයි පොලිසිය සදහන් කරයි.
පවුලේ පෞද්ගලික ගැටුළුවක් මත දෙපාර්ශවය අතර ආරවුල සිදුව ඇති බව මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
විහාරාධිපති හිමියන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් , අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව ඉදිරි විමර්ශන සිදුකරන බවත් පොලිසිය සදහන් කරයි.
උන්වහන්සේ පසුගිය කාලසීමාවේ අසනීපයෙන් පසුවූ බවද වාර්තාවේ.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය