සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකු යතුරුපැදි දෙකක් සහ යතුරපැදි අංක තහඩු යුගලයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි
අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හිටපු යුද හමුදා කොමන්ඩෝ සෙබළෙක් හා බුදුද හමුදා සෙබළෙක් බව පොලිසිය කියයි.සැකකරුවන් දෙදෙනාම නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වූවන් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායක වන ලලිත් කන්නංගර යන අයගේ අනුගාමිකයකු වන " දියගලවත්ත චුට්ටෙ " යන අය සමග සබඳතා පවත්වන සාමාජිකයන් බවට සැකපිට සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් පාදුක්ඛ බටවල සහ හංවැල්ල අටිගල පදිංචි වයස අවුරුදු 24 හා37 අතර පසුවන්නන්ය
පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි