විදුහල්පතිනියකට රහස් ප්‍රදේශය පෙන්වූ බව කියන කොට්ටේ මහ නගර සභාවේ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරයයෙකු අගෝස්තු මස 2 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා පැය කිහිපයක කෙටි සංචාරයක් සඳහා හෙට (28දා) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය. පැපුවා නිව්ගිනියාවේ සිට ආපසු ප්‍රංශය බලා යනවිට මෙසේ කටුනායකට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවැලිපැන්න ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලා එය පවත්වාගෙන ගිය කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු අඩංගුවටගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
Read Moreඅමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති දීමනා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ සේවාවන්ට අයත් විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා ලබාදීමට නම් ඔවුන් සිය දෛනික පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇගිලි සලකුණු සටහන් කිරීම අනිවාර්යය බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අභ්‍යන්තර සටහනක් නිකුත් කර තිබේ.
Read Moreකොළඹ ජාතික රෝහල විදුලිබල මණ්ඩලයට ගෙවීම්ට තියෙන හිග මුදල් රුපියල් මිලියන 339 හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීම්ට රතු නිවේදන නිකුත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ උසස් නිළධාරියෙකු පැවසීය.
Read Moreනිදහස් ශ්‍රී ලංකාවේ හොඳම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ වත්මන් යුගයේ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.
Read Moreපළාත් සභා මන්ත්‍රීවරුන්ට එම ධූරය තබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමේ අවස්ථාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම මන්ත්‍රී ධූරය තබාගෙන පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හැකියාව ලැබෙන ආකාරයට කටයුතු සකස් කරන ලෙස යෝජනා වී ඇති බවත්, ඒ පිළිබඳව ද සාකච්ඡා කර තීන්දුවක් ගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreදේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ ගිණුම්වලට රුපියල් කෝටි 1226ක් ලැබී ඇතැයි දැනුම් දෙමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කටුනායක මිරැකල් ඩෝම් ආයතනයේ තොරතුරු තාක්ෂණ නිලධාරියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඊයේ 26 වැඩිදුරටත් නියම කළේය.
Read Moreඅම්බලන්ගොඩ ප්‍රධාන පාසලක සිසුන් දෙපිරිසක් ඊයේ (26) පස්වරුවේදී ගැටී සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් ගැටුමට සම්බන්ධ යයි සැකකෙරෙන සිසුන් හතර දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කඩුලු 5ට ලකුණු 576ක් රැස්කරමින් ඉනිම අත්හිටුවිය.
Read Moreදුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමට ආණ්ඩුව මේ වන විටත් තීරණය කර ඇති බවත් එයට එරෙහිව ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි. මේ පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් අද දිනයේදී පැහැදිලි කිරිමට නියමිතව තිබේ.
Read Moreදකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නළු රැජිනි කාන්ත් මහතා යළිත් මාලදිවයින සිට ඊයේ (26දා) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
Read Moreවාණිජ මට්ටමේ ‘පැකට් කළ විට’ කෑම හේතුවෙන්වයස අවුරුදු 20ට අඩුදරුවන්ගෙන් ඉතා කෙටි කලක් තුළ පූර්ව මුඛ පිළිකාරෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීමේ තත්ත්වය මෙරට තුළ මේ වනවිට ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහන අවධාරණය කරයි.
Read Moreමේ වසරේ දෙවන භාගයේදී තවත් ශ්‍රී ලාංකිකයන් 7,000 කට දකුණු කොරියාවේ සේවය කිරීමට වීසා නිකුත් කරන බව ශ්‍රී ලංකාවේ කොරියානු ෙ තානාපති මියොන් ලී මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreඅස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
Read Moreමේ දිනවල පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළ ජල මට්ටම සිග්‍ර ලෙස පහල යාමත් සමග කෘතිම පොකුණු වෙත ජලය පිරවිම ආරම්භ කල බව විල්පත්තුව ජාතික වන උද්‍යාන පාලක සුරංග රත්නායක මහතා පවසයි.
Read Moreනිලධාරීන්ගේ පිළිතුරු පිළිබද සෑහීමකට පත්විය නොහැකි බව කමිටුව පෙන්වා දෙයි ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්මට අනුකූලව 2048 වර්ෂය වන විට ළඟා කර ගැනීමට සැලසුම්කරන අමාත්‍යාංශයේ තිරසාර සැලැස්ම පිළිබඳවත් ප්‍රශ්න කරයි
Read Moreලෝක මිහිකත විවාහක රූ රැජින - 2023 ( Mrs Earth International ) ලෙස කිරුළ දිනා ගත් අම්පාර 21 හැවිරිදි සෂ්මි දිසානායක මහත්මිය අද (26දා) දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියාය. ලෝකයේ රටවල් 45 ක තරගකාරියන් 60 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පිලිපීනයේ මැනිලා නුවර ඉකුත් 17 සිට 22 දින දක්වා මෙම තරගාවලිය පවත්වා තිබුණි.
Read Moreවෙහෙරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශයේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට නැවතත් තම දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් සඳහා ලබා දෙන ඔක්සිජන් සිලින්ඩර, කාලයක සිට සොරකම් කර ඒවා අඩු මුදලට විකුණා, එම මුදලින් සූදු ක්‍රීඩාවේ නිරත වූ එම රෝහලේ ඔක්සිජන් සිලින්ඩර භාරව කටයුතු කළ පුද්ගලයෙකු ඊයේ (25 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
Read Moreකොළඹ සිට හපුතලේ දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී බස් රථයක් අද 26 අළුයම හපුතලේ නගරයට නුදුරින් ස්ථානයකදී පාරෙන් ඉවතට පැන අනතුරට ලක් වී ඇති බව පොලීසිය කියයි.
Read Moreකහටගස්දිගිලිය ගෝනගිරි රජමහ විහාරස්ථානය අසළ කැලෑවක පිඹුරෙකු විසින් මොනරෙකු ගොදුරු කරගන්නා අවස්තාවක් කැමරාවට හසුවිය. මෙම විහාරස්ථානයේ වැඩවසන විහාරාධිපති හිමියන්ට විහාරස්ථානයට යාබද කැලැවෙන් ඇසුන ශබ්දයක් පරීක්ශා කිරීමට යාමේදී පිඹුරෙකු මොනරෙකු ගොදුරු කරගෙන සිට් අයුරු දැක ඇත. විහාරාධිපති හිමියන් එම ස්ථානයට යන විටදිත් මොනාරා පිඹුරාගේ ග්‍රහනයට හසුවී මියගොස් සිට් බව හිමියන් පවසති.
Read Moreපිලියන්දල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට ඊයේ රාත්‍රී අමානුෂිකව පහර දුන් බව කියන පිරිසෙන් අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
Read Moreජුලි මාසයේ මුල් දින 23 තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ දත්ත පෙන්වා දෙයි.
Read Moreශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස වහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා වසර තුනක කාලයක් සඳහා පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ. එම පත්කිරීට පෙර ඔහු උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
Read Moreවිදේශීය රටවලින් මිදි ආනයනය කිරීමට ඉහල මුදලක් වැය වන යුගයක මිදි වගාවට නුසුදුසු කාලගුණ තත්වයක් පවතින ප්‍රදේශයක ඉතා සාරවත් මෙන්ම ඉහල අස්වැන්නකුත් එමගින් ඉහල ආදායමක් ලබා ගන්නා ගොවි මහතෙකු ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ-ඇත්කදවක ප්‍රදේශයේදී අපට හමුවිය.
Read Moreකාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට විදුලියෙන් ධාවනය වන බස් රථ 50ක් යොදාගෙන “ඊ බස්රථ” නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
Read Moreජාත්‍යන්තර සාම සම්මේලනයේ අභිනව සභාපතිවරයා ලෙස පත් වී ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුර භාර ගැනීමෙන් පසු ඊෙය් (25දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
Read Moreලංකා සතොස හරහා බිත්තරයක් රුපියල් 35ක මිලකට ලබාදීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read More