saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 243 hours ago

LATEST

වසරේ ගත වූ මාස 07ට සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 3.7ක්

calendar_today 2025 අගෝ 04 - 14:45 remove_red_eye - 105  

මෙම වසරේ ගතවූ මාස 07ක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක ආදායමක් උපයා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

දෙවිනුවර දේවාලය ඉදිරිපිට දී මීට මාස හතරක පෙර වෙඩි තබා ඝාතනය කල යොමේෂ් නදීෂාන් තරුණයාගේ පියා හා සහෝදරයෙකු මහ මුහුද මැදදී ඝාතනය කිරීම සදහා ඔවුන්ගේ බෝට්ටුවේ රහසිගතව ජී.පී.එස් උපකරණය සවි කර තැබීම පිළිබඳව පරික්ෂණයක් පවත්වන බව ගන්දර පොලීසිය පවසයි.

Read More

යේමනයේ සංක්‍රමනිකයන් රැගත් බෝට්ටුවක් පෙරලී යාමෙන් පුදග්ලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ලබන 18 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

බිබිල , දිග්ගොම්මන, නාගල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී, කසිප්පු පෙරමින් සිටි පාසැල් දරුවන් දෙදනෙකු ඇතුලු සැකකරුවන් තිදෙනෙකු ඊයේ ( 03 ) අත්අඩංගුවට ගත්බව බිබිල පොලිසිය පවසයි.

Read More

පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සී කලාපවලට පසුගිය දින දෙක ඇතුළත ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවට, මෙවර යල කන්නයේ නෙළාගත් වී අස්වනු හසු වීමත් සමග අමු වී සහ වේලපු වී මිල සීග්‍රයෙන් පහළ බැස ඇති බව ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් සඳහන් කරයි.

Read More

දඹුල්ල මහනගර සභාවේ ලංකා පොදු ජන පෙරමුණ නාගරික මන්ත්‍රී ජාලිය ඕපාත මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

Read More

මේ මස 10 වැනි දින පැවැත්වෙන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සියලුම ප්‍රවර්ධන කටයුතු හෙට(06දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක්, තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

යාල ජාතික උද්‍යානයේ මේ වසරේ දි මේ වන විට රුපියල් මිලියන 2160 ක් ඉක්ම වූ ආදායමක් ලැබි ඇති බව ඌව කළාපය භාර සහකාර වනජීවී අධ්‍යක්ෂ ඩබ්.ඒ.ඒ ඩී.යූ ඉන්ද්‍රජිත් මහතා කියයි. දෛනිකව දළ වශයෙන් වාහන 500 ක් පමන යාල ජාතික උද්‍යානයට ඇතුල්වීම සිදුවන බවද හෙතෙම සඳහන් කලේය.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

Read More

විදුලිබල පනත් සංශෝධනයේදී සේවකයින්ට සිදුවන අසාධාරණවලට අද (04) දිනයේදි විසදුම් නොලබුණහොත් 06 වන දින සිට ක්‍රියා මාර්ග ආරම්භ කරන බව විදුලිබලමණ්ඩල වෘත්තීය සමීති සඳහන් කරයි.

Read More

මේ වසරේ ජනවාරි 01 වන දින සිට ඊයේ (03) දිනය දක්වා කාලය තුලදි වෙඩි තැබීමේ සිද්ධීන් 76ක් වාර්තා වි තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

Read More

එළැඹෙන සැප්තැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අධීවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල සිටින සෑම මගියෙකුම ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

Read More

මහනුවර ඇසළ පෙරහැරේ පළමු රන්දෝලි පෙරහර හෙට (04) වීදී සංචාරය කරීමට නියමිතය‍.

Read More

මෙම වසරේ පළමු අර්ධයේදී ජනවාරි 1 වැනිදා සිටි ජුනි මස 30 දක්වා මාස හයක කාල සීමාව තුළදී වෙළඳ භාණ්ඩ හා සේවා ඇතුළුව සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 10.1 ක් දක්වා සියයට 6.8 ක වාර්ෂික ලක්ෂමය වර්ධනයමෙම වසරේ පළමු අර්ධයේදී ජනවාරි 1 වැනිදා සිටි ජුනි මස 30 දක්වා මාස හයක කාල සීමාව තුළදී වෙළඳ භාණ්ඩ හා සේවා ඇතුළුව සමස්ත අපනයන ආදායම එකක් වාර්තා වී ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් අගෝස්තු මස 1 වැනිදා නිකුත් කර ඇති මහා බැංකු වාර්තාවකින් අනාවරණය වෙයි.

Read More

හිටපු ජනාධිපතිවරුන් ජනතා බදු මුදලින් සුරසැප විඳීම නතර කරනවා සේම ඔවුන් රටට කළ සේවය සලකා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More

හීලෑ අලි අතුන් ආශිතව කාලයක් පැවැති රෝගාබාධ රැසක් මේ වන විට අඩු වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා දැඩි සත්කාර විශේෂඥයින්ගේ විද්‍යාලයේ (Ceylon College of Critical Care Specialists) දෙවන වාර්ෂික විද්‍යාත්මක සැසිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේ දී පසුගියදා පැවැති අතර, එහිදී අමාත්‍යවරයා ඉහත කරුණු අවධාරණය කරන ලදි.

Read More

පාසල් සිසුන් ඇතුළු, චාරිකා සඳහා පැමිණෙන පුද්ගලයන් රැගත් බස් රථ උණවටුන වෙරළ ආසන්න ප්‍රදේශයේ නවත්වාගෙන අධික ශබ්දයෙන් සංගීත වාදන පැවැත්වීම නතර කරන ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් හබරාදුව පොලිස් ස්ථානයට පසුගිය දා දැනුම් දුන්නේ ය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට ඔවුන්ගේ රියැදුරු බලපත්‍රය සහ වීසා කාළය අනුව මෙරටට වලංගු වන රියැදුරු බලපත්‍රයක් විනාඩි 05 ක් වැනි සුළු කාළයකින් ලබා ගැනීමේ පහසුකම සහිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ශාඛා කාර්යාලක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ප්‍රවාහන මහාමාර්ග, සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අතින් 08/03 දින පස්වරු 03.00 ට විවෘත විය .

Read More

වාද්දුව පොතුපිටිය මුහුදු වෙරලෙන් මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවක් පෙරලී මසුන් සමග මුහුදට ගහගෙන ගොස් ඇති අතර, ධීවරයින් තිදෙනෙකු දිවි බේරාගෙන ඇති බව වාද්දුව පොලිසිය පවසයි.

Read More

දෙවිනුවර දේවාලය ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනාගේ ළගම මිතුරෙකුගේ පියා ඉලක්ක කර ගෙන ගන්දර කපුගම දී අද (03) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව ගන්දර පොලීසිය පවසයි.

Read More

ඉහල කොත්මලේ, ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ.කැළණි ගගේ ජල මට්ටම ඉහළට.

Read More

හම්බේගමුව පොලිස් වසමට අයත්, දහයියාගල රක්ෂිතයේ, කරමැටිය වැව් බැම්ම අසල ඇති වගුරු බිමක, මියගොස් සිටි වනඅලියකු ඊයේ ( 02 ) සොයාගත් බව හම්බෙිගමුව පොලිසිය පවසයි.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මෙ ගේ සමීපතම ගෝලයෙකු වන ගම්පහ දේවා නැමැත්තා 08/03 දින උදෑසන තායිලන්තය වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

වැලිමඩ සිට නුවරඑලිය හරහා ධාවනය කල ලංගම බස් රථයේ රියදුරු නුවරඑලිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් (03) දින අත්අඩංගුවට ගෙන ඇත.

Read More

බෞද්ධ කටයුතු කොමසාර්ස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

‎මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට ලැබී තිබූ ලක්‍ෂ දහයක පමණ රියදුරු බලපත්‍ර ප්‍රමාණය නිකුත් කිරීම් සිදුකිරීමේදී දිනකට බලපත්‍ර 3500 - 4000 ක ප්‍රමාණක් එකතු වන බවත් කාර්යාලය තුළ ගොඩ ගැසී තිබූ රියැදුරු බලපත්‍ර ලක්ෂ‎මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට ලැබී තිබූ ලක්‍ෂ දහයක පමණ රියදුරු බලපත්‍ර ප්‍රමාණය නි තුනකට ආසන්න ප්‍රමාණයක් අගෝස්තු මස15 වන දිනෙන් පසුව නිකුත් කිරීමට හැකිවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා කියයි.

Read More

ණය බරින් මිරිකී ඇති සෙවනගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා වහාම රජය මැදිහත්වී එම අර්බුදයෙන් ගොඩගෙන සේවකයින්ගේ සහ ගොවීන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා -

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.