බස් රියක් පසුපසට ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරකින් ගුරුවරියක් මරුට
ගලෙන්බිදුණුවැව, බී 133 මාර්ගයේ ප්‍රාදේශීය සභා පෙරපාසල අසලදී පෞද්ගලික බස් රථයක් එක්වරම පසුපසට ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරකින්, ප්‍රදේශයේ ප්‍රකට දක්ෂ නිවේදන හා නර්තන ශිල්පිනියක මෙන්ම මිගහපට්ටිය පාසලේ නැටුම් ගුරුවරියක ලෙස සේවය කරන ගුරුවරියක බරපතල තුවාල ලබා තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ ඇය මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අප කළ විමසීමකදී ඇයගේ සැමියා සඳහන් කළේ ඇයගේ පාද දෙකටම බරපතල හානි සිදුව ඇති බවයි. මීට අමතරව එක් අතක ඇඟිලි තුනක් ද බිඳී ගොස් ඇති අතර, ඊයේ දින එක් ශල්‍යකර්මයක් සිදුකිරීමෙන් අනතුරුව අද (10) දින තවත් විශේෂ සැත්කමකට ඇයව භාජනය කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය ඉරිදා පෙරවරු 11:00 ට පමණ කැකිරාව දෙස සිට ගලෙන්බිදුණුවැව දෙසට ඇය සිය ස්කූටර් රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. ඉදිරියට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ප්‍රාදේශීය සභා පෙරපාසල අසලදී නොසිතූ මොහොතක පසුපසට (Reverse) ධාවනය කිරීමේදී, පිටුපසින් පැමිණි ස්කූටර් රථය එහි ගැටී බස් රථයට යටවී ඇති බව ගලෙන්බිදුණුවැව රථවාහන පොලිසිය පවසයි.
අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් එක්ව තුවාලකාරිය ගලෙන්බිදුණුවැව රෝහලට ඇතුළත් කළ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගිලන් රථයකින් මාරු කර යවා තිබේ.
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික බස් රථයේ රියදුරු පසුගිය ඉරිදා කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. ගලෙන්බිදුණුවැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
ගලෙන්බිදුණුවැව - චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
