2025 මුල් මාස අටේදී තෙල් සංස්ථාවේ ලාභය සියයට 19කින් අඩුවෙලා
ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ ශුද්ධලාභය ඉකුත් වර්ෂයේ (2025) පළමු මාස අට තුලදි රුපියල් බිලියන 22.1 දක්වා සියයට 19කින් අඩුවි ඇති බැව් මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත් කොට ඇති අයවැය ආර්ථික සහ මුල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවේ සදහන් වේ.
2024 වර්ෂයේ පළමු මාස අටතුලදි ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 27.4කි. එම කාලයට සාපේක්ෂව 2025 වර්ෂයේ පළමු මාස අට තුලදි ශුද්ධලාභය සියයට 19කින් අඩුවි ඇත. විකුණුම් ආදායම අඩුවිම, වෙනත් මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 1.1 සිට රුපියල් බිලියන 0.4 දක්වා සියයට 60කින් සැලකිය යුතු ලෙස අඩුවිම, සහ 2024 වර්ෂයේ පළමු මාස අට තුලදි රුපියල් බිලියන 3.3ක් වු උපලබ්දි විනිමය අනුපාත විචලනය රුපියල් බිලියන 0.09 ක් දක්වා තියුණු ලෙස පහළයාම මෙම ශුද්ධ ලාභය අඩුවිමට ප්‍රධාන වශයෙන් හේතුවි තිබුණි.
එමෙන්ම ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථවේ සමස්ත හිග වෙළදණය ප්‍රමාණය 2025 වර්ෂයේ අගෝස්තු මාසය අවසන්වනවිට රුපියල් බිලියන 13.7 දක්වා සියයට 38කින් වැඩිවි ඇත.2025 වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මකවන පරිදි අලෙවිකරුවන්ට ලබාදෙන ණය පහසුකම් පුළුල් කිරිම සහ අධිකරණ තිරණයකට අනුව2024 හා 2025 වසර සදහා මාසික උපයෝගිතා ගාස්තු හදුනාගැනිමට සිදුවිමත්, මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතුවි තිබුණි. එමෙන්ම වේස්ට කෝස්ට් බලාගාරයට ලබාදුන් අතිරේඛ ණය පහසුකම්ද වෙළදණය ප්‍රමාණය වැඩිවිමට දායකවි ඇත..
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
