ඉරානයට එරෙහි යුද්ධය ඉක්මනින් අවසන් විය හැකි බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි. " බොහෝ දුරට යුද්ධය ඉතා සම්පූර්ණයි" ට්රම්ප් පැවැසිය. එක්සත් ජනපදය "කාලසටහනට වඩා බොහෝ ඉදිරියෙන්" සිටින බව ඔහු පවසන අතර, ඉරානයට "නාවික හමුදාවක් නැත, සන්නිවේදනයක් නැත, ඔවුන්ට ගුවන් හමුදාවක් නැත" යනුවෙන් ඇමෙරිකානු ජනපතිවරයා පවසයි.
"අපි දැනටමත් බොහෝ ආකාරවලින් ජයග්රහණය කර තිබෙනවා. නමුත් අපි ප්රමාණවත් ලෙස ජයග්රහණය කර නෑ
මෙම දිගුකාලීන අනතුර සදහටම අවසන් කරන අවසාන ජයග්රහණය ලබා ගැනීම සඳහා අපි කවරදාටත් වඩා අධිෂ්ඨානශීලීව ඉදිරියට යනවා."
ඉරානයට එරෙහි යුද්ධය ඉතා ඉක්මනිනන් අවන් විය හැකි නමුත් එය මෙම සතියේදි සිදු නොවනු ඇතැයිද
ට්රම්ප් පවසයි
"මම හිතන්නේ ඉක්මනින්. [ඉරානයට] ඇති සියල්ල නැති වී ගොස් ඇත, ඔවුන්ගේ නායකත්වය ඇතුළුව," ඔහු පවසයි.