ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් මිල රු. 300කින් ඉහළ දැමූ බව ලිට්රෝ සමාගම නිවේදනය කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමෙන අතර එහි නව මිල (කොළඹ) රුපියල් 3990කි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 1602ක් වේ.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 750කි.
සමාගම වැඩි දුරටත් පවසන්නේ මෙවර ගෑස් මිල ඉහළ නැංවෙන්නේ මාස 18කට එනම් 2024 අගෝස්තු මාසයෙන් පසුව බවයි.