ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙලා
තෙල් මිල වැඩිවී පැය 24ක් යාමට මත්තෙන් ලෝක ඳවෙළපොළේ තෙල් මිල අඩුව ඇති බවත් ගල් අ ඟ රු වංචාවෙන්
සිදුවූ පාඩුව වසා ගැනීමට මෙම තෙල් මිල වැඩි කළ බවට සැකයක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
මහතා පැවැසීය.
"දැන් පහුගිය කාලේ මේ රටේ ජනාධිපතිවරයා ඇවිල්ලා කිව්වා දවස් 45කට තෙල් තියෙනවා කලබල වෙන්න ඕනෙත් නැහැ තෙල් මිල වැඩි කරන්නෙත් නෑ කියලා. ඇමතිවරයත් කිව්වා. හැබැයි දැන් තෙල් මිල වැඩි කරලා තියෙනවා දැන් තෙල් මිල වැඩිකරේ ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව කියනවා.
වැඩි කරලා පැය විසි හතරක් යන්නත් කලින් ලෝක වෙළඳපොලේ මිලේත් යම් අඩුවීම සිද්ධ වෙලා තියෙනවා දැන් අපට සාධාරණ ය සැකයක් තියෙනවාආණ්ඩුව දවස් 45 කට තෙල් තියෙනවා කියලා කියනවා නම් කියපු ආණ්ඩුව කියන විදිහට දවස් 45ක තෙල් සංචිත තියෙනවනම් ඇයි මේ තකහනියක් තෙල් මිල වැඩි කරේ ගල් අඟුරු වලින් වෙච්ච වංචාව මේ රටේ ජනතාවට ඒ පාඩුව ජනතාවගේ ඇඟට පටවලා ජනතාවගෙන් ඒ ගියපු පාඩුව ආණ්ඩුව ලබාගන්න උත්සාහයක් විදිහට තමයි අපි දකින්නේ" යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
