ලංගම බස් රථය පැහැරගත් පුද්ගලික බස් කොන්දොස්තර අල්ලයි
බණ්ඩාරවල ප්රධාන බස් නැවතුම්පොළේ රාත්රී ගාල්කර තිබූ ලංගම බස් රථයක් පැහැරගෙන ගොස් අනතුරකටද ලක්කර පාළු ප්රදේශයකට දමා ගිය බවට සැකපිට පුද්ගලයකු අද 10 අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇටම්පිටිය ප්රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පැවසීය.
සැකකරු කාලයක් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු ලෙස සේවය කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ .
මීට දින දොළහකට පමණ පෙර බණ්ඩාරවෙල ප්රධාන බස් නැවතුම්පොළේ රාත්රී නවතා තිබූ වැල්ලවාය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් මොහු විසින් පැහැරගෙන ගොස් ඇටම්පිටිය ප්රදේශයේ පාළු ස්ථානයක
දමා ගොස් තිබියදී පොලීසියට හහමුවී තිබුණි.
සැකකරු මත්පැන් පානය කර හපුතලේ ප්රදේශයට බස් රථය රැගෙන විත් ඇති අතර බස් රථය මෝටර් රථයක ගැටී අනතුරට ලක්වීමෙන් පසු පාලු ප්රදේශයකට දමා ගිය බවද සැකකරු පොලිසියට පවසා තිබේ.
බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
