පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු (ADB) මූලස්ථානයේ දී ඊයේ (මාර්තු 10) පැවැති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලේ ප්‍රධාන දේශනය සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහභාගී විය.
කාන්තාවන් විසින් පවුල වෙනුවෙන් සිදු කරනු ලබන, එහෙත් බොහෝ විට ඇගයීමට ලක් නොවන ’වැටුප් නොලබන’ ගෘහස්ථ කාර්යයන් පවුලට මෙන්ම ජාතික ආර්ථිකයට ද විශාල දායකත්වයක් සපයන බව අග්‍රාමාත්‍යවරිය ඒහිදී අවධාරණය කළාය.
කාන්තා නායකත්වය සහ සවිබලගැන්වීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිදුකරන සුවිශේෂී කැපවීම අගයමින්, එහිදී ඇයට “ෂීරන් ලටීෆ් කාන්තා නායකත්ව සම්මානය” (Shireen Lateef Women’s Leadership Award) පිරිනමනු ලැබීය.
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ඇතුළු ජ්‍යේෂ්ඨ කළමණාකාරීත්වය, විදේශ තානාපතිවරුන් සහ සංවර්ධන හවුල්කරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උළෙල පැවැත්වී ඇත. (IJ)