කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම මේ වනවිට පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග විශාල ලෙස පහත බැස තිබේ.ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවල පවතින දැඩි නියඟය හේතුවෙන් ජලාශයේ ජල මට්ටම මෙසේ පහත බැස ඇති අතර, ඒ හේතුවෙන් ජලාශයේ වාන් දොරටු ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු ඉංජිනේරුවන් ඇතුළු සේවකයන් විසින් මේ දිනවල සිදු කරමින් පවතී.
ජලාශයේ ජල මට්ටම අඩු වීමත් සමග ජලයෙන් යටව පැවති කඩදොර, තිස්පනේ, ඔීතලාව වැනි විහාරස්ථානවල හා අනෙකුත් බොහෝ ප්‍රසිද්ධ ස්ථානවල නටබුන් මතුව ඇති අතර, ඒවා නැරඹීමට දිනපතා විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.
ජලාශයේ මතුව ඇති නටබුන් සහිත ස්ථාන නැරඹීමට යාමේදී ජලය සහිත ස්ථානවලට කිසිවිටක බැසීමට කටයුතු නොකරන ලෙසත්, ජලාශය පතුලේ රොන් මඩ එකතුව ඇති හෙයින් ජීවිත අනතුරු හා තුවාල සිදුවීම්වලට ලක් විය හැකි බව ආරක්ෂක අංශ නිලධාරීහු පවසති.
