හෝමූස් හරහා තෙල් ලීටරක්වත් ගේන්න දෙන්නෑ
ඉරානයට එරෙහිව සිදු කරන ප්‍රහාර අවසන් නොකරන්නේ නම් මැදපෙරදිග සිට හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ බොරතෙල් ලීටරයක්වත් ප්‍රවා-හනය කිරීමට ඉඩ නොදෙන බව ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම මුල් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමින් ඉරාන ආරක්ෂක හමුදාව මේ ප්‍රකාශය සිදු කර ඇති අතර, එම මුහුදු මාර්ගය ඔස්සේ යාත්‍රා කරන සියලු නෞකා විනාශ කරන බවට අනතුරු අඟවා තිබේ.
ඩොනල්ඩ් ට්‍රප්ගේ ප්‍රකාශයේ කිසිදු අර්ථයක් නැති බවත්, යුද්ධයේ අවසානය තීරණය කරන්නේ ඉරානය බවත් එරට ආරක්ෂක හමුදාව වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ. හෝමූස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම අව-හිර කරන්නේ නම් ගෝලීය තෙල් වෙළෙඳ-පොළට මහ විනාශකාරී ප්‍රතිවිපාක අත්වනු ඇති බව ලොව ප්‍රමුඛතම තෙල් අපනයන -කරු වන සෞදි අරාබියේ ඇරම්ගේ සමා-ගම අනතුරු අඟවා ඇති අතර, සතියකට වැඩි කාලයක් එම මුහුදු මාර්ගය අවහිර වීමෙන් බොරතෙල් සමාගම් රැසක් සිය නිෂ්පාදන අත්හිටුවා ඇතැයි ද වාර්තා වේ. (IJ)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
