තෙල් මිල වැඩිවීම හරහා ජනතාව ඉන්ධන පරිභෝජනය සීමා කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් පසුගිය දින කිහිපයේදීසිදුවූ වැඩි ඉල්ලුම හේතුවෙන් තෙල් සංචිත අවසන් වූ බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
"සමහර රටවල් තෙල් මිල සියයට 90කින් පමණ ඉහළ දමා තිබෙනවා. පිරිපහදු තෙල් මිල සියයට අනූ ගණනකින් වැඩි වෙලා තියෙනවා. අපිට තෙල් සංචිතයක් තිබුණා. අපි තෙල් මිල වැඩි නොකළා නම් අනෙක් සමාගම් තෙල් ආනයනය අඩු කරනවාහෝ නවත්වනවා. තෙල් පරිභෝජනය පසුගිය දින කිහිපයේදී වැඩිවුණා.
මේ පරිභෝජනය නිසා අපේ සංචිතය අවසන් වුණා. අලුතෙන් තෙල් ගෙනාවේ වැඩි මිළට. තෙල් මිල වැඩිවීම නිසා ජනතාව පරිභෝජනය සීමා කරයි කියලා අපි හිතනවා. තෙල් වලට යම් සහනාධාරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා"