වාහන අංක තහඩු මුද්‍රණය කඩිනමින්
පසුගිය වසරේ සිට අක්‍රීයව තිබූ වාහන අංක තහඩු මුදුණය කිරීම නැවත සක්‍රීය කර , ගොඩගැසී තිබෙන අංක තහඩු සියල්ල කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ජ්‍යේෂඨ මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා පැවසීය.
ඒ සඳහා නව සමාගමක් සමග ගිවිසුම්ගත වීම ඊයේ සිදු කෙරුණු අතර, එම අවස්ථාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසීය.
ඒ අනුව ඊයේ (10) පෙරවරුවේදී ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ජ්‍යේෂඨ මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කමල් අමරසිහ මහතා සහ සවුත් ඒෂියන් ටෙක්නොලොජි සමාගම අතර මෙම නව ගිවිසුම් අත්සන් තැබීම සිදු කෙරිණි.
මාස 10ක පමණ කාලසීමාවක් වාහන අංක තහඩු මුද්‍රණය කිරීම නැවතී තිබූ අතර ඒ හේතුවෙන් මේ වනවිට අංක තහඩු විශාල ප්‍රමාණයක් මුද්‍රණය කිරීම ගොඩගැසී තිබේ. මෝටර් රථ දෙපාර්තමේන්තුව සමග ගිවිසුම්ගත වූ සමාගම විසින් මුද්‍රණ යන්ත්‍ර ප්‍රමාණය 10 දක්වා වර්ධනය කර එම කටයුතු කඩිනමින් කරන බවද ඒ මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
