ඊළඟ මාසය සඳහා පැමිණෙන ඉන්ධන නෞකාවල මිල සීඝ්‍ර ලෙස ඉහළ යන අතර, මේ තත්වය මත එකවර විශාල ගණනකින් මිල වැඩිවීම නවත්වා ගැනීමට ද, තිබෙන තොග ආරක්ෂා කරගෙන, මාස කීපයක් අතර බෙදාගෙන පරිභෝජනය කිරීම වෙනුවෙන් ද මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීම සිදු කළ බව අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ.
ජාවාරම් තත්ත්වයන් පාලනය කර ගැනීමටත්, පෝලිම් තත්වයක් ඇති නොවීමටත් , දීර්ඝ කාලීනව එකම මිලකට ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව සැලසීමටත් මෙමගින් බලාපොරොත්තු වන බව අධ්යක්ෂවරයා ඒහිදී දැනුම් දුනි.
එසේම, ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල ඉදිරි දිනවල අඩු වුවහොත්, මාසයක් තුළ ඉන්ධන මිල අඩු කළ හැකි බවයි කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර වැඩිදුරටත් සඳහන් කර සිටියේ. ( I J)