ලංකා විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමෙන් පසු ස්ථාපිත නව ආයතන වෙත සේවකයන් අනුයුක්ත කිරීමේදී ක්රමවත් පත්වීම් ලිපි ලබා නොදීම ඇතුළු ඉල්ලීම් 08 ක් මුල් කර ගනිමින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්රියාමාර්ගය ඊයේ (09) සවස 3.00 සිට පැය 24 ක් පුරා ක්රියාත්මක වෙමින් පවතියි.
සිය ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබෙන්නේ නම්, වෘත්තීය ක්රියාමාර්ගය තීව්ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ වැඩිදුරටත් ප්රකාශ කර තිබෙනවා.
ඒ අනුව මේවන වන විට කොළඹ සහ ගම්පහ ප්රදේශ කිහිපයක විදුළි බිඳ වැටීම් යථාතත්වයට පත් කිරීමට යම් කාලයක් ගතවනු ඇති බව විදුලි වෘත්තීය සමිති පවසනවා.
ඉන්ද්රමූර්ති ජයසූරිය