saravita-anim2

2025 ජුනි මස 17 වන අඟහරුවාදා

2025 ජුනි මස 17 වන අඟහරුවාදා

Latest News - timelapse 1612 hours ago

LATEST

වස්කඩුවේ මුහුදු වෙරළට පුද්ගල මළසිරුරක් ගොඩගසයි

calendar_today 2024 ජුනි 13 - 11:47 remove_red_eye - 326  

වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරළට පුද්ගල මළසිරුරක් ගොඩගසා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

මුහුදුබඩ මාර්ගයේ අද දින දහවල් ධාවනය වන දුම්රියන් මොරටුව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වන අතර දුම්රිය පිලී ගත කොට දුම්රිය ගමනාගමන කටයුතු සිදු කිරීමට යම් කාලයක් ගත වනු ඇත.

Read More

පරිණත කාණ්ඩ තුනක් යටතේ මෙම වෙන්දේසිය පැවැත්වෙයි. එනම් 2027 ඔක්තෝබර් 15 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 60,000 ක්, 2029 සැප්තැම්බර් 15 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 125,000 ක් සහ2031 දෙසැම්බර් 01 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 110,000 ක් ලෙස මෙම වෙන්දේසිය සිදුකිරිමට නියමිතය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකමට අදාල වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බව එම අරමුදල නිවේදනයක් නිකුත් කරමින් පවසයි. විස්තිර්ණ ණය පහසුකමට අදාළව දෙවැනි සමාලෝචනයෙන් අනතුරුව මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන විස්තීර්ණ ණය පහසුකමට අදාළව දෙවැනි සාමාලෝනය එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට තෙවැනි ණය වාරිකය නිදහස් කිරිමට එහි විධායක මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

Read More

සම්බා හා කීරි සම්බා බිත්තර වී හිගයක් ඇති වි තිබෙන බවත් මේ නිසා ඉදිරි කාලයේදිත් කීරි සම්බා හා සම්බා සහල් හිගය තවදුරටත් පවතින බව ජාතික ගොවිජන එකමතුව සදහන් කරයි

Read More

පළාත් පාලන අපේක්ෂකයන්ට රාජ්‍ය සම්පත් භාවිත නොකිරීමට නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කරඇති පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි කරුණු දැක්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආමාත්‍ය මණ්ඩලයට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (12දා) නොතීසි නිකුත් කළේය.

Read More

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මිය කමිටුවේ සභාපති ධූරයට. කමිටු වාර්තාව සැප්තැම්බර් 15 දිනට පෙර ජනපතිට ලබා දීමට උපදෙස්.

Read More

පළමු වන දකුණු ආසියානු සෙස්ටබෝල් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි ශූරතාවයත් , පිරිමි කණ්ඩායම අනුශූරතාවයත් දිනා ගෙන 06/12 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More

1983-2009 කාලය තුළ ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම පුද්ගලයන් සැමරීම සඳහා සංහිදියාවේ සහ ප්‍රතිසන්ධානයේ සංකේතයක් ලෙස ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් අධ්‍යයනය කරන ලදී.

Read More

මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු ලබා දී මූල්‍ය වංචාවක් සිදු කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා අද (12දා)නියෝග කළේය.

Read More

ධනවතුන් සමග බීමත්ව ගණිකාවන් තරුපන්ති හෝටල්වලට හා සමාජශාලා සුපිරි නිවාස සංකීර්ණ වෙත කුලීරථ සේවා මගින් සපයමින් සිදුකරගන ගිය ගණිකා ජාවාරමක් වටලා සුරූපි නිළියක් ඇතුලු සුරූපි කාන්තාවන් හතර දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් 12 අලුයම අත්අඩංගුවට ගෙන ඇතැයි.පොලීසිය පැවසීය.

Read More

පොසොන් පොහොය නිමිති කරගෙන මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

Read More

බිබිල මහියංගන මාර්ගෙය් වැගම ප්‍ර දේශ්යදෙී අද (12) දින සවස පෞද්ගලික බසයක වෑන් රථයක් ගැටී සිදුවු අනතුරකින් වෑන් රථයේ ගමන්ගත් අඹූ සැමි යුවලක් ඇතුළු තිදෙනෙකු මියෙගාස් තවත් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.

Read More

දේශීය කර්මාන්තවල ඵලදායීතාවය ඉහල නැංවීම හා ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම සඳහා ආහාර පාන නිෂ්පාදන කර්මාන්ත රැසකට යහපත් නිපයුම් පරිචයන් පිළිබඳ තත්ත්ව සහතික(GMP) ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය ලබාදීමේ වැඩ සටහනක් කර්මාන්ත අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබේ.

Read More

ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ හැර රට දිනවීමට වෙනත් වැඩපිළිවෙළක් නැහැ. ආණ්ඩුවේ ගමන ආපසු හැරවුවහොත් නැවතත් පෝලිම් යුගයකට මුහුණ දීමට ජනතාවට සිදු වෙනවා. මැතිවරණ වේදිකාවල පොරොන්දු දුන්නද රට ඉදිරියට ගෙන යාමේ ක්‍රමවේදයක් කිසිදු පාර්ශ්වයකට නැහැ. පුද්ගලයන් දෙස බලා තීරණ ගැනීමේ අතීත දේශපාලන වැරැද්ද යළි සිදු නොකළ යුතුයි – ජනපති.

Read More

මැලේසියාව සමගින් නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරිමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read More

අපනයන වෙළඳාම අරමුණු කරගෙන ත්‍රෛලෝක විජයපත්‍ර වගා කිරීම ඒ ආශ්‍රිත ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා උනන්දුවක් දක්වන දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ව්‍යාපෘති යෝජනා කැඳවයි.

Read More

රෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ දැරූ 17 හැවිරිදි රූමත් පාසල් සිසුවියක් විදුලි සැර වැදී අවාසනාවන්ත අයුරින් මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

Read More

සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය අද (12) උදැසන කළුතර කලමුල්ල ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව කාර්යාල සේවකයින් දැඩි අපහසුතාවට පත්වූහ .

Read More

පානදුර, පින්වත්තප්‍රදේශයේ කර්මාන්තශාලාවක රසායනික ද්‍රව්‍යයක් විෂ වීමෙන් සේවිකාවන් 30 දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මුලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිල්රුක්ෂී වීරසිංහ මහත්මිය පැවසීය.

Read More

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන විධානගමගේ නලින් සුරංග යන අය විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් සම්බන්ධයෙන් මුදල් විශුද්ධකරන පනත යටතේ විමර්ශන පවත්වා ඔහුට අයත් රුපියල් ලක්ෂ 65 ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

Read More

බුත්තල පොලිස් වසමට අයත් කටුගහගල්ගේ ප්‍රදේශයේ නිවසකට ඉකුත් නවවෙනිදා පැමිණි පිරිසක් දෙමව්පියන්ට පහරදී නිවසේ කාමරයක නිදාගෙන සිටි දාහතර හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු බුත්තල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

මෙවර සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන් සිය සංයුක්ත දීමනාව ලබා දෙන ලෙස ඉල්ලමින් අද (12) සවස 2.00 වන විට ඇගයීම් කටයුතුවලින් ඉවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් දන්වා සිටියි.

Read More

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

Read More

අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කැලණියේ පමුණුවිල ගෝනවල ප්‍රදේශයේ පදිංචි කැළුම් තුෂාර සිල්වා මහතාගේ සැමියාගේ හදිසි වියෝවෙන් දැඩි ලෙස කම්පනය හේතුවෙන්

Read More

ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් අද(12දා) මාධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක කාලයක් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්වන බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.

Read More

අද(12) උදෑසන මාකුඹුර අධිවේගී හුවමාරු බස් නැවතුම්පලේ තුලදී පෞද්ගලික බස රථයක තිරිංග අක්‍රිය වී රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් තවත් බසයක ගැටී බස් නැවතුම්පොළ ගොඩනැගිල්ල කඩාගෙන ධාවනය වී

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.