රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි විදේශීය ගුවන් මගියෙකු 05/19 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු 21 හැවිරිදි තායිලන්ත ජාතික තරුණයෙකි . මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිළදී ගෙන , මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් 05/19 දින අලුයම 12.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ රේගු නිලධාරීගේ අවධානය වෙනතකට යොමු කිරීම සදහාය .
ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මලු තුළ වූ රසකැවිළි අඩංගු පැකට් කීපයක් තුළ '' කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07 යි ග්‍රෑම් 910 ක ප්‍රමාණයක් සගවා ගෙන සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ .
පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
