යෝජිත සංශෝධනයට අනුව නව විදුලි ගාස්තුව අනුව විදුලි බිල වැඩි වන බවත්, කෙසේ වෙතත් එය ජනවාරි පැවති විදුලි බිලට වඩා අඩු අගයක් බවත් ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.
යෝජිත සංශෝධනයට අනුව නව විදුලි ගාස්තුව මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා දළ වශයෙන් 5.4% ක් අඩු බව අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු. මෙයට හේතුව වන්නේ 2025 වසරේ මුල භාගයේදී ලංවිම විසින් විදුලි පාරිභෝගිකයන්ට සහනයක් වශයෙන් 20% ක විදුලි ගාස්තු පහත හෙළීමක් සිදු කිරීම ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, විදුලි ඒකකයක සාමාන්‍යය විකුණුම් මිල රුපියල් 24 ක් දක්වා පහත වැටිණි. නව ගාස්තු සංශෝධන යෝජනාව, මෙම පහත හෙළන ලද විදුලි ගාස්තු යටතේ 2025 වසරේ මුල් භාගයේ දී ලංවිම ලැබූ අව-ප්රලාභය අඩ වශයෙන් පමණක් නිවැරදි කිරීමකි. එබැවින් නව යෝජිත ගාස්තුව 2025 වසරේ ජනවාරි මස තිබූ විදුලි ගාස්තුවට වඩා අඩු එකක් වනු ඇත.