ආණ්ඩුවට පළාත් පාලන බලය ලැබී ඇති හෙයින් අනවශ්‍ය බලපෑම් හා විවේචන සිදු නොකරන ලෙස දන්වමින් 'ප්‍රථම සහ අවසන් දැනුම් දීමයි', 'මරණය' යනුවෙන් සඳහන් කර ලෙස තර්ජනාත්මක ලිපියක් තැපැල් දෙපාර්තමේන්තුව හරහා පසුගිය 14 වන දින තමන් වෙත ලබා දීමට සලස්වා ඇති බව සමග ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.
මැදවච්චිය සහ කැබිතිගොල්ලෑව පළාත් පාලන ආයතන වල බලය අනවශ්‍ය ලෙස ලබා ගැනීමට කටයුතු නොකරන ලෙසත්, ආණ්ඩුව විවේචනය කරමින් නිවේදන නිකුත් කිරීමත්, ඒ මගින් සිදුවන බිහිසුණු අන්තරායන්ට මුහුණ දී වන විනාශයට අපි වග නොකියමු , මෙම ලිපිය ප්‍රසිද්ධියට පත්කිරීමෙන් දරුණු විපාකවලට මුහුණපෑමට සිදුවේ, මරණය සඳහන් කර මෙම ලිපිය තැපෑල මගින් ඒවා ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙහ තර්ජනාත්මක ලිපිය සම්බන්ධයෙන් පක්ෂ නායකවරයා සහ කථානායකවරයාව දැනුවත් කිරීමට කටයුතු කළ බවත්, මේ සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් සිදු කළ බව මන්ත්‍රීවරයා විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අනුරාධපුරයේ දී මේ තොරතුරු හෙළි කලේය.
මෙම ලිපිය සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව හරහා මූලික පරීක්ෂණ ආරම්භ කළ හැකි බවත් මුද්දරයක් නොමැතිව ලැබී ඇති ටී සලකුණක් සහිත මුද්‍රාවක් තබා ඇති මේ ලිපිය බෙදන්නා අතට පත්ව ඇත්තේ කිසිදු සටහනක් නොමැතිව බව පවසන මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ මෙම තර්ජනාත්මක ලිපිය හේතුවෙන් තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව පිළිබඳවද ගැටලුවක් පවතින බවය.
මෙම තර්ජනාත්මක ලිපිය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් සිදුකොට වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනන බවද මන්ත්‍රීවරයා පැවසීය.