මාවතගම, මැටිබොක්ක ප්‍රදේශයේ මාර්ග බාධකයේදී වෑන් රථ රියදුරෙකුගෙන් රුපියල් 500 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත්තේ යැයි කියන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුගේ සේවය කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා විසින් ඊයේ (17දා) අත්හිටුවූ බව පොලීසිය පවසයි.
එම රථයේ රියදුරා මාවතගම පොලීසියට කළ පැමිණිල්ලක් අනුව පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට ගොස් ඇති බවත් එම අවස්ථාවේ පොලිස් සැරයන් වරුන් දෙදෙනා ළඟ තිබූ තවත් රුපියල් 11200 ක මුදලක් මාර්ග බාධකය ඇති ස්ථානයේ කුටිය පිටුපසට විසිකරන බව ස්ථානාධිපතියා දැක ඇති බවත් ඒ අනුව පොලිස් සැරයන්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් එතෙක් පොලිස් සැරයන්වරුන් දෙදෙනාගේ සේවයන් අත්හිටු වූ බවත් පොලීසිය පවසයි.
වයඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහ කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කාන්තා සහකාර පොලිස් අධිකාරී නිල්මිණි චන්ද්‍රරත්න මහත්මා මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
අතුල බණ්ඩාරනායක