ජාතික රණවිරු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට තීරණය කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන මහතා පැවසීය.
මීට පෙර එම උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම කටයුතු යොදා තිබුණි.
යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් ජාතික රණවිරු සැමරුමට හෙට (19දා) පැවැත්වීමට නියමිතව තිබේ.