ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් ආරම්භකරණු ලැබු කාබනික පොහොර නිෂ්පාදනය කිරිමේ විශේෂ ව්‍යාපෘතියෙන් මණ්ඩලයට රුපියල් දෙකෝටි හැටහතර ලක්ෂ, අසු දහස්හත්සිය විසිපහක (26,480,725) පාඩුවක් දැරිමට සිදුවි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් මැයි මස 17 වන දින නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
මේ වනවිට මෙකි ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම නවතා දමා ඇත. ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් 2020 වර්ෂයේ දි මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර ඒ සදහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදි ගැනිම වෙනුවෙන් රුපියල් තුන්කෝටි, විසිඑක්ලක්ෂ,නමදහස්හත්සිය අනුපහක මුදලක් (32,109,795) මණ්ඩලය විසින් වැයකොට තිබුණි.
මෙකි ව්‍යාපෘතියෙන් 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට උපයාගෙන ඇත්තේ රුපියල් පනස්හයලක්ෂ,විසිනමදහස් හැත්තැවකි (5,629,070) මෙම ව්‍යාපෘතිය ශක්‍යතා අධ්‍යනයකින් තොරව ආරම්භකොට ඇති අතර ජනතා වතු සංවර්ධන මණ්ඩලයට වු අලාභය සම්බන්දයෙන් මුදල් රේගුලාසි 135 ප්‍රකාරව කටයුතු කළයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.
චන්දන සමරවික්‍රම