නෙළිමට තිබු මෙට්‍රික් ටොන් පහලොස් දහසකට අධික ලුණු අස්වැන්න හදිසියෙ ඇද හැලුණ මහ වැසිත් සමග දිය වි ගිය බව පුත්තලම ලුණු වගාකරුවන් පවසයි.
රටපුරා මෙ වන විට මතුව ඇති උග්‍ර ලුණු හිගයකට ප්‍රධාන හේතුව ලෙස බලපා තිබුනේ ලුණු නිෂ්පාදනයට නිසි අව් රශ්මිය අහිමි වි ගොස් නොකඩවා ඇද හැළුන මහ වැසි බව කියයි.
ශ්‍රී ලංකාවේ සමස්ථ ලුණු නිෂ්පාදනයෙන් පුත්තලම සියයට 60 කට ආසන්න දායකත්වයක් දක්වා ඇති අතර නිසි අව් රශ්මිය පැවති සමයන් වලදි මෙට්‍රික් ටොන් ලක්ෂයකට අධික අස්වැන්නක් ලබා දීමට කටයුතු කර තිබු බව පුද්ගලික හා රජයෙ ලුණු ලේවායන් වල අදාල අංශ පවසති.
නමුත් ලුණු නිෂ්පාදනයට බාධා එල්ල කරමින් පැවති වර්ෂා තත්වය ලුණු වගා කරුවන්ටද බරපතල ආර්ථික ගැටළු මතු කර තිබුනී.
කෙසේ වෙතත් ලුණු නිෂ්පාදනය මෙම ස්භාවික හේතු මුල් වි අහිමි වි යාමේන් අනෙක් බරපතල ගැටළුව බවර පත්වුයෙ ලුණු ලේවායන් වලදි රුපියල් 1500 ක මිලකට නියම වී තිබු කිලෝ 50 බැගයක් මේ වන විට රුපියල් 7000 කට ආසන්න මීලට ඉහල යාමය.
එසේ විමට හේතු වි තිබුනේ නිෂ්පාදනය අඩුවිමත් සමග ලැබෙන අස්වැන්න ඉහල මිලක් යාමය.මෙම මිල කිසිම විටක අනුමත කල නොහැකි නමුත් එය නිවසේ හෝ ව්‍යාපාරික කටයුතු වලට යොදා ගන්නා පිරිසට බරපතල ගැටළු සහගත තත්වයක් මතු කර ඇත්තේ රුපියල් 120 කට ආසන්න මීලකට තිබු ලුණු කිලෝව මේ වන විට රුපියල් 300 සිට ඉහල මිලකට අලේවි විම මතය.
නමුත් මේ සියල්ල හමුවේ පසුගිය සමයෙ දැඩි අව් රශ්මියක් පුත්තලම පතිත වි ලුණු ලේවායන් වල ලුණු පදම් වෙමින් එය යල කන්නයෙ ඉහල අස්වැන්නක් වාර්තා කරන තත්වයට පත්වෙමින් තිබියදී නොසිතු ලෙස 17 දින සිට නැවත වර්ෂාව පතිත විමත් සමග නැවතත් පුත්තලමේ ලුණු අස්වැන්න නොලැබිමේ තත්වයට පත්ව ඇති බව ලුණු නිෂ්පාදකයින් පවසයි.
මේ පිළිබදව අදහස් දැක්වු පුත්තලම ප්‍රධාන ලුණු නිෂ්පාදකයකු වන නිලුක් දිල්හාන් මහතා මෙලෙස පවසන්නට විය.
“ඇත්තටම පසුගිය කාලයෙ ලුණු නිෂ්පාදනයට පුත්තලමේ නිසි කාලගුණ තත්වයක් පැවතුනේ නැහැ.ඒ නිසා අපි ගැටළු රැසකට පත්වුනා.අපි ගාන රැකියා කල සිය ගනනකට අද රැකියා නැහැ.මෙය ලුණු කර්මාන්තයට එල්ල කල මරු පහරක් මම විතරක් නොවේයි අනෙත් ව්‍යාපාරිකයින් සියල්ලම අසරණ වෙලා එයාල ලග සේවය කල 20000 ( විසි දහසකට වැඩි සේවකයින් පිරිසක් රැකියා නැති තැනට පත්වෙලා.
මේ තත්වය ස්භාවික ගැටළුවක් මිසක් වෙනත් කරුණක් නොවන බව මතක් කල යුතුයි.මේ නිසා අපි රජය දැනුවත් කිරීමේන් පසු ඉන්දියාවෙන් ලුණු ආනයනය කරන්න කටයුතු කලත් එය නිසි ලෙස නොවිම තමා රටපුරා ලුණු හිගයට බලපා තිබුනේ.
මේ නිසා දැනට ඉන්දියාවෙන් කඩිනමින් ලුණු ආනයනය කල යුතු වෙනවා.එසේ නැතිව රටේ ලුණු හිගය පියවන්න හැකියාවක් නැහැ ඔහු පවසන්නට විය.
පුත්තලම ලුණු නිෂ්පාදකයින්ගෙ සංගමයෙ සභාපති රනිස් බදුර්දීන් මෙලෙස අදහස් දක්වන්නට විය.
“අපේ පුද්ගලික ලුණු ලේවායන් වල වගාකරුවන් පසුගිය යල කන්නය පටන් අරන් අස්වැන්න ලබා ගන්න තබ තිබුනේ දින කිපයයි.
ඒ අස්වැන්න මෙට්‍රික් ටොන් 10000 (දස දහසක් ) ඉක්මවනන්ට හැකියාව තිබුනා නමුත් එය මේ වර්ෂාවත් සමග නැවත අහිමි වෙලා.
නැවත අපි අලුත් කන්නය ගැන බලාපොරෝත්තු තියාගෙන ඉන්නවා යැයි ඔහු පවසන්නට විය.
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

