දේශබන්දු තෙන්නකෝන් අනිද්දා පාර්ලිමේන්තු කමිටුවට
පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව, පසු ගිය සති කිහිපය තුළදී පාර්ලිමේන්තු පරිශ්රයේදී රැස්වී මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව එළඹෙන 19 වැනිදා සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
මේ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එළෙඹන 19 වැනිදා කමිටුව හමුවේ පෙනී සිටින ලෙස එම කමිටුව විසින් පසුගියදා නොතීසියක් මගින් දැනුම්දුන් අතර ඒ අනුව ඒ මහතා පළමු වරට එදින කමිටුව හමුවේ පැවැත්වීමට නියමිත පරීක්ෂණ කටයුතු සඳහා පෙනී සිටීමට නියමිතව තිබේ.
මෙම කමිටුව පාර්ලිමේන්තුවේදී රැස් වී පරීක්ෂණ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සිදු කරන ලදි. විමර්ශන කමිටුව එළඹෙන 19 වැනිදා පස්වරු 2 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

