හැටන් රුවන්පුර ජනපදයට සහ දිඹුලපතන පොලිස් වසමට අයත් පෞද්ගලික වතුයායකට යාබදව පිහිටි රජයේ ඉඩමක් වතුකම්කරුවන් පිරිසක් අනවසරයෙන් අත්පත් කර ගැනීමට (17) දින උත්සහ කරනු ලැබූහ.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් යැයි කියන අක්කර 38ක් වූ ඉළුක් සහිත ඉඩමක් තම වතු යායට මායිමව තිබූ බවත්, එම ඉඩමෙන් මේ වන විට කිසියම් පිරිසක් විසින් කැබලි වශයෙන් වෙන් කරගෙන එළවළු වගාව සිදු කරන බවත්, දැනට එම ඉඩමෙන් ඉතිරිව ඇත්තේ අකක්ර 6ක පමණ කොටසක් බවත්, එම ඉඩමද දැනට එම ඉඩම අල්ලාගෙන ඇති පිරිස විසින් ආක්‍රමණය කරමින් සිටින් නිසා එම ඉඩම් කැබැල්ල තමක් අල්ලා ගැනීමට කටයුතු කල බවයි ඉඩම අල්ලා ගැනීමට පැමිණි වතු කම්කරුවන් කියා සිටියේ.
ඉඩම් කැබැල්ලක්වත් නොමැති තමන්ට දැනට ඉතිරිව තිබෙන රජයේ ඉඩම කැබලි කර බෙදා දීමට පියවර ගන්නා ලෙස වතු කම්කරුවන් රජයෙන් ඉල්ලා සිටියි.
වතු කම්කරුවන් ඉඩම අනවසරෙන් අත්පත් කර ගනිමින් සිටියදි එම ස්ථානයට පැමිණි හැටන් පොලිසියේ නිළධාරින් කියා සිටියේ රජය සතු ඉඩමක් ලබා ගැනීම සිදු කල යුත්තේ නීත්‍යානුකූල නිසි ක්‍රමවේදයකට බවත්, එම ක්‍රමවේදයට පටහැනිව රජය සතු ඉඩම අනවසරෙන් අල්ලා ගැනීමට පියවර ගත හොත් එම පිරිසට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට සිදුවන බව පැවසීමත් සමග වතුකම්කරුවන් එම ඉඩමෙන් පිටවී ගියහ.



