නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන රැසක බලය පිහිටු වීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසය සහ දමිළ ප්රගතිශීලි සංධානය (සමගි ජන බලවේගය) අතර පැවති සාකච්ඡාවට කිහිපයක් පැවති බවත්, එම සාකච්ඡා එකගතාවයකින් තොරව අවසන් වූ බව දමිළ ප්රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා.ම. පලනි දිගම්බරම් මහතා පැවසීය.
මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පලනි දිගම්බරම් මහතා කියා සිටියේ ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේඛම් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා සහ තමන් අතර රාත්‍රියේ කොළඹදී අවස්ථා කිහිපයකදී සාකච්ඡාවක් පැවති බවත්, එම සාකච්ඡාවේදි කොටගල, නුවරඑලිය, ආගරපතන, නෝර්වුඩ් යන ප්‍රාදේශීය සභාවල සභාපතිධූර ලංකා කම්කරු කොංග්‍රසයට ලබා දෙන ලෙසත්, හැටන් දික්ඔය නගර සභාව, තලවකැලේ ලිදුල නගර සභාව, මස්කෙළිය ප්‍රාදේශීය සභාව සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ අනෙකුත් ඕනෑම පළාත් පාලන ආයතනයක බලය තමන්ට ලබා ගන්නා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්වරයා තමන්ට යෝජනා කල බවයි.
වැඩි ඡනද දායකයින් පිරිසක් සිටින බල ප්‍රදේශවල සභාපති ධූරය ලංකා කම්කරු කොංග්‍රසයට ලබා ගැනීමට එම පක්ෂයේ මහ ලේකම්වරයා අදහස් කර ඇති බවත්, තමන් එයට එකග නැති බවත්, ප්‍රාදේශීය සභා සහ නගර සභාවල බලය සම ලෙස සභාපතිධූරය බෙදා ගැනීමට ලංකා කම්කරු කොංග්‍රසය එකග නොවන්නේ නම්? තමන් කිසිදු පළාත් පාලන අයතනයක බලය පිහිටු වීමට කිසිදු පක්ෂයකට සහයෝගය ලබා නොදී එම පළාත් පාලන ආයතන වල විපක්ෂයේ කටයුතු කරන බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
තවද පක්ෂ නායකයින් එකතුවී පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡාවේ මූලිකත්වය ලබාදෙනු ලබන්නේ ඊළග ජනාධිපතිධූරයේ බලය ලබා ගැනීම සම්බන්ධයෙන් බවත්, පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට පක්ෂ නායකයින් තුල දැඩි උවමනාවක් නොවන බවත්, පලනි දිගම්බරම් මහතා කියා සිටියා.
